(අංජුල මහික වීරරත්න)
කෘමි හානි තුනක් මේ දිනවල වී වගාව ආශ්‍රිතව පැතිර යන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
White Back Plant Hopper හෙවත් සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා (Grey Plant Hopper) සහ කොළ හකුළුවන දළඹුවා ( Leaf Curl worm) යන කෘමි විශේෂ තුන මගින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවේ හෙක්ටයාර් 22,000ක් පමණ බලපෑමට ලක් ව තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කුඹුරුවල මෙම කෘමින් සිටී නම් වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙසත්, කෘෂිකර්ම උපදේශකවරුන් විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළයුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.
මෙම කෘමි හානි සියල්ලම වලක්වා ගත හැකි අතර මේ වනවිට සියලු ප්‍රදේශවල සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. එමෙන්ම කෘෂිකර්ම විශේෂ කණ්ඩායම් ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා යොදවා අතැයි ද පරසුරාමන් මහත්මිය පැවසුවාය.
තත්ත්වයෙන් බාල කෘමි නාශක යෙදීම හෝ දැනුමක් නොමැති අය විසින් කරන නිර්දේශ අනුව කටයුතු නොකළ යුතු යැයිද කෘමිනාශක තවත් වර්ග සමග මිශ්‍ර කිරීම නොකළ යුතු අතර එමගින් හානිකර කෘමින් රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති නිසා (Chemical Resistance) කෘමිනාශක යෙදීමෙන් නිසි ප්‍රතිපල අත්කර ගත නොහැකි වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
931
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී වගාවට තුන් බියක්