(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මින් පෙර රජය විසින් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන් වූ බව අමාත්‍යවරයා කීය.
අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කර තිබූ අතර ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තවත් රුපියල් බිලියන තුනක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබා දීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වී මිල දී ගන්න රජය තවත් රුපියල් කෝටි 300ක් දෙයි
කිරිපුතා Tuesday, 04 April 2023 10:29 AM
මිලදී ගත්තට කමක් නෑ ඒවා සාමාන්‍ය ලාභයක් තියාගෙන සහල් කර විකුණලා රජයට ආදායමක් උපයනව නම් හෝ ගබඩා කර අටේ ආහාර සුරක්ෂිත භාවය රකිනව නම්.
ravin Tuesday, 04 April 2023 11:55 AM
කරුණාකරලා 31/03/2023 වන දින දක්වා රජය මිලදීගත් වී ප්‍රමාන දිස්ත්‍රික්ක මට්ටමින් පලකරන්න පුලුවන්ද ?අපිට අවශ්‍ය වී ගොවියට යහපතක් වෙනවා දකින්න
සංක Tuesday, 04 April 2023 04:48 PM
මෙයා ආපු දවසේ ඉඳලා කෝටි ගණනක ආධාර මුදල් ගොවියන්ට ලැබුණාද...? වැඩි කොටසක් මෙයාගේ සාක්කුවට ගියාද? දෙයියෝ තමයි දන්නේ. හැබෑවටම ගොවියන්ට සත පහක වැඩක් නම් වුනේ නැහැ. මේවා නිකම්ම සංදර්ශන. නියම බොරු කාරයෙක්...!