IMG-LOGO

වී මිලදී ගැනීමට ණය දෙන්න ජනපතිගෙන් බැංකු දෙකකට උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )

වී මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට අද (4) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ කොළඹ 2 ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ වී  අලෙවි මණ්ඩලයේ ප්‍රධාන  කාර්යාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

රජය සතුව ප්‍රමාණවත් වී සංචිත පවත්වාගෙන යෑම ඉලක්ක කර ගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස්කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළෙඳපොළට  සහල්  සැපයීම පිළිබඳව සොයා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.



අදහස් (7)

වී මිලදී ගැනීමට ණය දෙන්න ජනපතිගෙන් බැංකු දෙකකට උපදෙස්

uk ran Friday, 04 March 2022 08:14 PM

ජනාධිපතිතුමා මොනවා කළත් කපුටාස් ඒක විනාශ කරනවා. ඒ කපුටා ඉක්මනටම ඇමෙරිකාවට යවන්න. එතකොට ප්‍රශ්න ගොඩක් විසඳෙයි... ඉක්මණටම.

:       3       12

Lalith M Friday, 04 March 2022 09:29 PM

හැමදේටම ජනපති අණ. එතකොට අගමැති කැබිනට් ඇමතිවරු. ඔවුන් පින්බතාලා, මහජන මුදල් කන්නෝ, පින්පඩිකාර හොරු..! එහෙමද...?

:       0       18

jayath Friday, 04 March 2022 11:11 PM

අනේ ගරුකටයුතු නන්දසේන මහත්තයෝ, තමුන්නැහේගේ උපදෙස්..! ලයිට් කපන්න එපා කියලා වෙලාවකට කියනවා...! තව වෙලාවකට කියනවා ජනතාවට හිරිහැරයක් නොවෙන්න ලයිට් කපන්නලු... !! ජනතාවට විහිළු සපයලා අපේ ඇඟේ ලේ කෝප නොකර කටපියාගෙන ඉන්නවද? තමුන්නැහේ කියපු මොනවද කොරේ කියන්නකෝ...!!! කාබනික පොහොර කියලා මෝඩ තකතීරු වැඩක් කළා... ගොවීන්ගේ අස්වැන්න අඩුවුණා. දැන් ඒ අඩු අස්වැන්නවත්, කුඹුරුවලින් ගන්න යන්ත්‍රවලට ඕන ඩීසල් නැහැ... තමුන්නැහේ ණය දීමක් ගැන විකාර කියනවා. අතිගරු උතුමාණන් වහන්ස, අපට පව් නොදී කරුණාකරලා චුතවෙලා යනවාද? උතුමාණෙනි, ඔහේට බැහැ බැහැමයි ඒක ලක්ෂ වාරයක් ඔප්පුවෙලා තියෙන්නේ...!

:       0       4

Don perea Saturday, 05 March 2022 01:15 AM

මේ මනුස්සයාට අගමුල අමතක වෙලා...!

:       0       3

kamal Saturday, 05 March 2022 11:59 AM

බැංකු තීරණ ගත යුත්තේ ඒකෙ අධ්‍යක්ෂක මණ්ඩලේට ඕනෑ විදිහටයි. ජනාධිපති බැංකුවේ අයිතිකරුද?

:       1       8

Rohana Saturday, 05 March 2022 02:38 PM

බැංකු මගින් වී අලෙවි මණ්ඩලයට ණය දෙනවාද? නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඒ ඒ බැංකු විසින්. නියෝග මත ණයදීමට කටයුතු කිරීමෙන් සිදුවන්නේ ණය ආපසු අයකර ගැනීම පිළිබඳ ගැටළු මතුවීමයි. මහජන තැන්පතු ණයදීමේ අරමුදල් බවට පත්වේ. මේ නිසා තැන්පතු සුරැකීමේ වගකීමද බැංකුවලට ඇත. ණය පැහැර හැරියොත් අලාභය වන්නේ බැංකුවලටමයි. බැංකු බිඳවැටීම සමස්ථ ආර්ථිකයේම ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇතිකරයි.

:       1       3

Shan Saturday, 05 March 2022 02:50 PM

ෂෙඩ් එකක පෙට්‍රල් ගහපු කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන දුවන එකම රට. සෞභාග්‍යය නෙවෙයි, ඉන්න රටකුත් නැතිකරලයි යන්නේ මෙයාලා...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 502 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site