(අංජුල මහික වීරරත්න)
මෙරට වී අස්වැන්න ඉහළ නැංවීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබාදුන් පොහොර නිර්දේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමාත්‍යාංයෙන් ඉල්ලීමක් කර ඇත.
2021 මහ කන්නයේ දී මෙරට හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් දෙකක් දක්වා පහල ගිය ද, 2022 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 3.2ක් දක්වා ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතේ ක්‍රියාත්මක කර තිබෙන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
2023 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 05ක් දක්වා ඉහළ නැංවීම අරමුණ බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ඉලක්කය ජය ගැනීම සදහා යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වී ගොවිතැන කළ යුතු ආකාරය ගැන යුද හමුදාවෙන් ඉල්ලීමක්