IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වී ගබඩාවට අලි පනිති

අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 32 ක් දුරින් පිහිටි තොට්ටම ගම්මානයේ වී ගබඩාවට අද (09) අලුයම වරින් වර පහර දුන් වන අලියකු එම ගබඩාවේ එක් ස්ථානයක් කඩා දමා වී බෝජනයට උත්සහ දරා ඇත .

වී ගබඩාව මුර කරමින් සිටි මුරකරුවන් දෙදෙනා සහ ගම් වැසියන් කීප දෙනෙකු ඉතා අසීරුවෙන් මෙම අලියා එළවා දමා ගබඩාවේ වී තොගය  බේරා ගත් බව ප්‍රදේශවාසිහු කියති.

ඔවුන්ගේ උත්සහය නොවන්නට ගබඩාවේ වී අට්ටි ගබඩාවෙන් පිටතට කඩා වැටී විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබූ බව දැක ගන්නට ලැබුණි. වී තොගය ගබාවෙන් පිටතට කඩා වැටුණේ නම් විශාල වී තොගයක් වන අලියා විසින් කා දමනු ඇති බව ඔවුහු පවසති.

මේ දිනවල තොට්ටම ගම්මානයේ දිවා කාලයේ පවා වන අලින් සැරි සරන අතර යාබද මරියකන්ද ප‍්‍රදේශයේ නිවසකට ද දින තුනකට පෙර පහර දී වි ගෝනි තුනක් කා දමා ඇත .

මේවන විට තොට්ටම වී ගබඩාවේ වී කිලෝ ලක්ෂ 17 ක් තිබෙන අතර එහි සමස්ත ධාරිතාවය ලක්ෂ 33 කි. අලින්ගෙන් වී ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් අවැසි බව ගැමියෝ කියති.

1[1] 3[1] 4[1] 5[1]



අදහස් (0)

වී ගබඩාවට අලි පනිති

නුවන් Wednesday, 09 September 2015 06:28 AM

බලන්න අපේ අගමැති තුමාට කොච්චර දුර දක්නා නුවනක් තියනවද කියල . මත්තලට අලියෙක් තියා මොකෙක්වත් එන්නේ නෑනේ. ඒ නිසා වී ආරක්ෂිතයි (අ)

:       0       0

වයිකෝ Wednesday, 09 September 2015 06:34 AM

වී අලෙවි මණ්ඩලයේ රාජකාරිය එතරම් සතුටු දායක නැත. (අ)

:       0       0

රුපාවතී Wednesday, 09 September 2015 06:54 AM

පව් අසරණ ගම් වැසියෝ ..හරි හමන් නිවසක් වත් ඔවුන්ට නැති බව මේ ඇටසැකිලි නිවසින් කියාපායි..රටක ප්‍රධාන පුරවැසියාගේ විශේෂ අවධානය විය යුත්තේ ඒ රටේ පුරවැසියන්ගේ ප්‍රධාන අත්‍යවශ්‍ය පහසුකම් ටික මහජනයාට සම්පුර්ණ කිරීමයි, ඒ දෙය නොවන තැන අපිට ඉන්දියාවත් සමග හදට යාමේ අවශ්‍ය තාවක් කිසිසේත්ම නැත .මේවා තමයි ප්‍රධානම දුර්වලකම් ..?ස්වභාව ධර්මයට පෙනේවා මේ මිනිසුන්ගේ දුක ..?(ම)

:       0       0

නන්දලාල් Wednesday, 09 September 2015 06:55 AM

මොකොද අලින්ට බඩගිනි වෙන්නේ නැද්ද ? මේ වී තොග අලි කන්න ඉස්සර වෙන තැනක ගබඩා කරන්න බැරිද ? (ම)

:       0       0

තිලක් Wednesday, 09 September 2015 07:16 AM

මම මුලින් හිතුවේ මත්තල කියලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 07:17 AM

මම හිතන විදිහට අලි වැට නිසයි මත්තල ගබඩාකළ වී ටික වුණත් බේරිලා තියෙන්නේ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 07:31 AM

මීමැසි පාලනය අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස අප්‍රිකානු රට වල සාර්ථකව යොදා ගනී (අ)

:       0       0

නුවන් Wednesday, 09 September 2015 07:57 AM

වී ගබඩා කරන්න තැන් නැහැ කියලා නේද කිවුවෙ? මෙතන ලක්ෂ 33ක් දාන්න හැකියිනේ. දැනට තියෙන්නෙත් 17යි. ඒ නිසා තව 16ක් ගබඩා කරන්න පුලුවන්. (නි)

:       0       0

විජේතුංග Wednesday, 09 September 2015 08:27 AM

හොඳ වෙලාවට විනාශයක් නොවුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site