IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


වෛද්‍යවරුන්ගේ මාරු ප්‍රමාද වෙලා

(නිමල කොඩිතුවක්කු)

2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදෙන විසඳුම් මත හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් ඔහු සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්වූ බවත් සුගතදාස මහතා සඳහන් කළේය.

 



අදහස් (3)

වෛද්‍යවරුන්ගේ මාරු ප්‍රමාද වෙලා

කලංසූරිය Monday, 04 August 2025 09:06 AM

ලංකාවෙ දොස්තර කෙනෙක්ට හචිමක් ගියත් ඒක රටේ ප්‍රධාන මාතෘකාවක් සහ රටේම ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි කියල මටනම් තේරෙන්නෙ නැ. ලංකාවෙ පත්තරයක් හරි රූපවහිනිය හරි රේඩියොවක් හරි ඇහුවොත් අනිවාර්යෙන්ම වෛද්‍ය කියල කෑල්ලක් තියෙනවාමයි. වාහන විකුනනකොට, පාසල් ළමුත් ඇතුලත් කිරීමේදී, වැ‍ටුප්, මාරු වීම්, දීමනා, ඇඟිලි සළකුනු, පුද්ගලික විශ්ව විද්‍යාල. එක්කො මේ රටේ වෙනත් වෘත්තිකයන්ට ප්‍රශ්න නැ. නැත්තම් මේ රටේ ඉන්නෙ දොස්තරල විතරයි. මම ‍රැකියාව කරපු සෑම රටකම වෛද්‍ය වෘත්තිය කියන්නෙත් එක්තර වෘත්තියක් විතරයි. මේරටෙ හැමදාම දොස්තරලට ප්‍රශ්නනෙ. ප්‍රශ්න නැති දවසක් නෑ වගේ. දොස්තරකෙනෙක්ට පුද්ගලික ප්‍රශ්නයක් ආවත් ඒ කියන්නෙ ඉඩම් ප්‍රශ්නයකට මනුස්සයෙක් ගැහුවත් ඒකත් රටේම ප්‍රශ්නයක්.

:       2       9

maalaka Monday, 04 August 2025 12:49 PM

දොස්තර කියලා විශේෂයක් අවශ්‍ය නෑ. මේ අය හැම වෙලේම අයින් වෙන්න බලනවා. හැබැයි දූෂණය හමුවේ මීක් සද්දයක් නෑ. මහ උද්දච්ච ජාතියක්...

:       1       3

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 02:03 PM

මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්න තක්කඩි නිලධාරීන්ට මේ ආණ්ඩුව හිසරදයක් වෙලා තියෙන බව පෙනෙනවා. ඒකට ඉක්මණින් බෙහෙත් දෙන්න සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගත යුතුයි. නැත්නම් ජනතාව හැටියට අපිට තීරණයක් ගන්න වෙනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site