(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කොවිඩ් වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් ඇත.
කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ඇතිවූ සංකුලතා මත බහුවිද අවයව අකර්මන්‍යවීම ඇගේ මරණයට හේතුව බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (23) පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.
රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි තරින්දි දිල්ෂිකා විතානගේ නැමති වෛද්‍යවරිය මෙසේ මියගොස් ඇති අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි
මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී ඉකුත් මස පෞද්ගලික රෝහලකින් පි.සී.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
පසුව ඇය හෝටලයක පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගී තත්වය උත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබා ඇතැයි වාර්තා වේ.
පසුව ඇය ඉකුත් 2 වැනි දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදා පස්වරුවේ මියගොස් ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෛද්‍යවරියක් කොරෝනාවට බිලි
yc kumara Friday, 24 September 2021 03:12 PM
නිවන්සුව ලැබේවා
Raveendra Friday, 24 September 2021 03:12 PM
ඔබට නිවන් සුව අත්වේව.......!!!!
Sunil Friday, 24 September 2021 03:56 PM
මෙහි සත්‍යතාවය කුමක්ද?
දර්ශණ Friday, 24 September 2021 03:57 PM
නිවන් සුව !..
පැරකුම් Friday, 24 September 2021 03:59 PM
පෞද්ගලික රෝහලකට නොගොස් තමන් සේවය කළ රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගත්තේ නම් තත්වය වෙනස් විය හැකි යයි සිතිය හැක. එන්නත් දෙකම ගෙන තිබුණාද?
ජගත් ලියනගේ Friday, 24 September 2021 04:59 PM
එතුමියට නිවන් සුව. හැබැයි කෙළින්ම ඇතුල් වෙන්න තිබ්බෙ රජයේ රෝහලකට. ඕනෑම ලෙඩකට රජයේ රෝහල් තමයි හොඳම.
මහිමන් රංජිත් Friday, 24 September 2021 05:04 PM
මෙම දියණිය රත්නපුර රෝහලේ මනා කැපවීමෙන් සේවය කල ඉන්ටර්න් වෛද්‍යවරියකි. ඇයට නිවන් සුව පතන අතර කණගාටුවට කාරණය නං ඇය අප මිතුරන් කොතෙක් පැවසුවද එන්නත අවිශ්වාස කර එය ලබා නොගැනීමයි.
asanka Friday, 24 September 2021 05:49 PM
විද්‍යා විෂය දත් වෛද්‍යවරියක් වුවත්, එන්නත ලබා නොගැනීම කණගාටුවට කරුණක්.
pakeerMonday, 27 September 2021 02:22 PM
විද්‍යාව ගැන ඕනෙවට වඩා දන ගත්තම සැක මතු වෙනවා .මෙයා දන්නවා කොහොමද කියලා .එන්නතක් කොහොමද භාවිතයට දාන්නේ කියලා .එතකොට මෙයා බය වෙනවා .සාදාරනයි .මම උනත් එන්නත ගැහුවේ මගේ පින පවා මත මගේ ජීවිතය කියලා හිතලා
sandya Friday, 24 September 2021 06:23 PM
අපරාදේ ජිවිතේ
SUNIL MILANO Saturday, 25 September 2021 12:44 PM
ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර, මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා.. අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!!!