
( චන්ද්‍රෙස්න ගමගේ , සනත් ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල උණාකූරුව වැව අසළදී අද (18 යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවළක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, උණාකූරුව කපුහේන ලිපිනයේ පදිංචි ජුවානා හැන්නදිගේ විජිතදාස (අවු: 68) සහ පසික්කු හැන්නදිගේ පුෂ්පා (අවු: 58) යන අඹුසැමියන් දෙදෙනාය.
මෙම දෙදෙනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන උණාකූරුවේ ශාන්ත නමැති අයගේ මවගේ මල්ලී (මාමා) සහ ඔහුගේ බිරිද බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
වෙඩික්කරුවන් පිස්තෝල ගිණි අවියකින් වෙඩිතබා පලාගොස් තිබේ.
මෙම යුවළ උණාකූරුව වැව ඉදිරිපිට වෙළද සැලක් පවත්වා ගෙන යන අතර එම යුවළට වෙඩිතබා ඇත්තේ වෙළද සැළ තුල සිටියදීය.
තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෙඩි පහරින් අඹුසැමි යුවල මරුට