IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විවාහකයාගේ නරක්වූ සිරුර පොල්වත්තකින් හමුවෙයි

(පද්මසිරි ගාර්දියවසම් )      

බෙලිඅත්ත පොලිස් වසමට අයත් නාකුළුගමුව ,දෙද්දුවාවෙල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී පිරිමි පුද්ගලයෙකුගේ නරක්වී ගිය  මළසිරුරක් අද ( 30) උදේ හමුවී ඇතැයි පොලිසිය කීවේය . 

 දින 11 කට පමණ පෙර සිට අතුරුදන්ව සිටි බෙලිඅත්ත පුවක්දණ්ඩාවේ පදිංචි විතාරණ පණ්ඩිතගේ විරාජ් ප්‍රසන්න නමැති 28 හැවිරිදි විවාහකයෙකුගේ බවට හදුනා ගෙන ඇතැයි පොලිසිය කීවේය . 

ඉඩමේ පොල් කැඩීමට ගිය පොල් කඩන්නෙකු නරක්වී ගිය මළසිරුර දැක එහි හිමිකරුවන්  මගින් පොලිසිය දැනුම්වත් කර තිබේ .

ඉකුත් (19) රාත්‍රි 07 ට පමණ මියගිය අය සිය යතුරුපැදියේ නැගී නිවසින් පිටව ගොස් ඇති අතර පසුව ඔහු අතුරුදහන්ව ඇතැයි බිරිඳ බෙලිඅත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි . 

 ඔහු පිටව ගිය යතුරුපැදිය නාකුළුගමුව දුම්රිය ස්ථානයේ නවතා තිබියදී සොයාගත් බවද පොලිසිය කීවේය.

 

 



අදහස් (1)

විවාහකයාගේ නරක්වූ සිරුර පොල්වත්තකින් හමුවෙයි

Bunny Preena Thursday, 30 October 2025 03:01 PM

අබිරහස් මරණයක්...?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site