ඉරාන විරෝධතාකරුවන් මර්දනයට ගත් ක්‍රියා මාර්ග ඉරාන රජය විසින් කෙමෙන් කෙමෙන් අඩු කර ඇතැයි තමන්ට දැනගන්න ලැබෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ, ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ද දැනට නොමැති බව තමාට දැනුම් දී ඇති බව ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නේය.
මේ වනවිට ඇමෙරිකාවත් ඉරානයත් අතර රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.