(විමුක්ති එස් රුද්‍රිගු)
නේපාලයේ හිටපු අගමැති ජාලානාත් කනාල්ගේ භාර්යාව වන රජ්‍යාලක්ෂ්මි චිත්‍රකර් විරෝධතාකරුවන් විසින් පණ පිටින් ගිනි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ(09) වාර්තා කළේය.
කත්මණ්ඩු නගරයේ දල්ලු ප්‍රදේශයේ හිටපු අගමැතිවරයාගේ නිවසේදී එම සිදුවීම සිදුව ඇතිි බවත් විරෝධතාකරුවන් හිටපු අගමැතිවරයාගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී ඇය ගින්නට හසුවී මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එසේම නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයද විරෝධතාකරුවන් ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විරෝධතාකරුවන් නේපාල් අගමැති බිරිය පණ පිටින් ගිනි තබලා
ජිල්බු Wednesday, 10 September 2025 12:20 AM
හිතාගන්න පුලුවන්ද කොච්චර දුර්දාන්ත පාලනයක් ගෙනියලද කියලා! මිනිස්සුන්ට අසාධාරණකම් සිද්ධවෙනකොට කරන්ඩ බැරි දරුණු වැඩක් නැතිගානට වැටෙනවා.
Rasika Wednesday, 10 September 2025 02:37 AM
ගෝඨාභය නිසයි ලංකාව බේරුනේ. නැත්නම් කාලකන්නි අරගලකරුවන් මෙහෙත් කරන්නෙ ඔය ටික. මේ දකුණු ආසියානු මිනිසුන් කෙතරම් නොදියුණු සහ නිහීනද? වෛරයේ කෙලවරක් නැහැ
මැක්ස් Wednesday, 10 September 2025 06:25 AM
ටියුනීසියාවෙන් ඇරඹුණු මේ "වසන්ත කෙරුවාව" අරාබි රටවල් කීපයක් වනසා ලංකාව ද කුල්ල කුජීත කිරීමට සැරසුණු මුත් කුමක්දෝ හාස්කමකින් මේ රට ඝාතන බිමක් වූයේ නැත. නමුත් ජවිපෙ සහ ඔවුන්ගේ නිවුන් සොයුරු පෙරෙට්ටන් බටහිරයන්ගේ ද ආධාරයෙන් අප රට තුළ ද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළේ ඒ අමානුෂික ක්‍රියාන්විතයයි. ශ්‍රී ලංකාව මේ වසන්ත රැල්ලෙන් එක්තරා ප්‍රමාණයකට බේරුණත් බංග්ලාදේශය ඒ කුණාටුවට හසු විය. නේපාලයට එය හමා ගොස් ඇත්තේ වඩාත් දරුණු ලෙසින් බව මේ වියරු ඝාතනයෙන් මොනවට පැහැදිලි වේ. අලුත් පරම්පරාවේ මේ මිනීමරු ස්වභාවය ලෝකය රැගෙන යන්නේ කොයිබට ද?
සෙනෙවිරත්න Wednesday, 10 September 2025 06:31 AM
ලංකාවේ දේශපාලඥයන් ජනතාවට කරපු අකටයුකම්, දූෂණ වංචා නේපාලයේ දේශපාලඥන් නොකරන්න ඇති. නමුත් ලංකාවේ අරගලයෙදි ඔවැනි දේ වුණේ නැහැ, අර අහිංසක මන්ත්‍රී මලෙත් දේශබන්දුල කරපු වැඩෙන් ජනතාව කුපිත වෙච්ච නිසා, ඒක නිසා අපේ රට කාපු හොරුන් ජනතාවට කෘතඥ වෙන්න ඕන කොහොම හරි වංචාවට දූෂණයට එරෙහි රැල්ල මෙහෙන් තමයි ආරම්භය.
පුරවැසියා Wednesday, 10 September 2025 06:33 AM
අපේ විපක්ෂය හිතන්න වෙනවා බලය ගත්තොත් තමන්ගේ මෙතෙක් ප්‍රතිපත්ති වෙනස් කරලා පාලනය කරන්න... මේවා අහනකොට බලයට එන්න බය ඇති...
maalaka Wednesday, 10 September 2025 08:01 AM
ඉතා කනගාටුදායකයි
MD Wednesday, 10 September 2025 08:09 AM
අපේ රටේ වුනෙත් ඕකනේ.අද රට කරවන ආණ්ඩු පක්ෂය ඵදා කලේ තරුණ තරුණියන්ගේ මනස විකෘති කර බොරුව රජ කරවමින් මිනිස්සු ආවේග කරමින් රටේ උගත් බුද්ධිමත් ජනතාව ඝාතනය කරමින් ම්ලෙච්ඡ ත්‍රස්තවාදයක් දියත් කොට පොදු දේපළ විනාශ කරමින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගන්නට උත්සාහ කිරීම නොවේද.අද ගොබ්බ තරුණයා සමාජ ජාල ෆෙස්බුක් ගිණුමට ඇබ්බැහි වෙලා පිරිහිලා වැනසිලා ඉන්න විදිය පේනවා නේද?
janahitha Wednesday, 10 September 2025 09:04 AM
ජනතා විරෝධි වැඩ කළොත් ඔවුන් කුපිත වෙනවා, සමාකාමී විරෝධතාකරුවන්ට පහර දුන්න නිසා (ගෝටා නොවේ). ලංකාවේත් ජනතා විරෝධය මතු උනත්, කිසිවෙකුට වෙඩි තබන්න ගෝටා නියෝග දුන්නේ නැහැ. එම නිසා අදත් ඔහු ජනතාව අතර ඉන්නවා.
Perera Wednesday, 10 September 2025 10:05 AM
අපේ අය පැනලා ගිහින් හැංගුණා වගේ නේපාලයේ කොහෙද නාවික කඳවුරු ගිහින් හැංගෙන්න?
ChamWednesday, 10 September 2025 10:48 AM
අය්යේ කොච්චර නරක සිතිවිලි ද?. වෛරය පතුරවන එක දැන්වත් නවත්වන්න
SaraWednesday, 10 September 2025 12:12 PM
ඒකනේ... අරගලයට ජය වේවා.... සියලුම මැති ඇමැති පවුල්, සියලු වැදගත් ස්ථාන විනාශ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා........
සෙනෙවිරත්න Wednesday, 10 September 2025 11:45 AM
එදා ලංකාවෙ හිටපු උනුත් ඔය ටික නොකරට ස්තූති කරන්න ඕන, මොකද ඔය සංග්‍රහ ලබන්න ඕනවටත් වැඩිය සුදුසුකම් තිබුණ මෙහෙ හිටපු පාලකයන්ට. මෙතන මනස විකෘති කරපු කතා කියන මහත්මයට කියන්න කැමතියි රට බංකලොත් කරල මිනිස්සු පාරට බැස්සෙ ස්වේච්ඡාවෙන්ම මිසක් කවුරුත් කියල නොවෙයි බව. ඊලඟට එන්න බලාපොරොත්තු වෙන අය මේව ගැන හිතල කටයුතු කරන්න. නැත්නම් මීට වඩා දරුණු වෙයි.
fairoos Wednesday, 10 September 2025 12:03 PM
අපේ රටේ අරගලය කළේ රට බංකොලොත් කරපු එකාට නැතුව, නේපාල වගේ සමාජ මාධ්‍ය තහනමකට නෙවයි.
විජෙ Wednesday, 10 September 2025 01:52 PM
සමාජ මාධ්‍ය කියන්නේ තරුන මනස විකුර්ති කරන ඇබ්බැහිකම අතිකරන කාලය නිකරුනේ කා දමන දෙයක් කියනවාට තරුන ප්‍රජාව කැමැති නෑනේ...
Nimal Wednesday, 10 September 2025 02:57 PM
අපේ රටේ වගේම මන්ද මානසික, කුහක තුන්වැනි පාන්තික මිනිසුන් කොටසක් ඉන්න තවත් රටක්...