(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රජාන්ත්‍රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටියි.

නිදහසින් පසු අප මාතෘ භූමිය මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අසීමිත පීඩනයකට පත්ව සිටින මෙම අවස්ථාවේ සියලු පුරවැසියන් පක්ෂ,පාට බේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවසිලිවන්තව  පොදු එකඟතාවයකට පත්විය යුතුය.

එම නිවේදනය පහතින් දැක් වෙයි.