(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය හෙට (14) පෙරවරුවේ ගන්නා බවත් එම තීරණය හෙට පස්වරුවේ ජනතාවට නිවේදනය කරන බවත් එම කොමිෂමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (13) පැවසීය.
විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීම ඒ ආකාරයෙන්ම ලැබෙනවාද නැද්ද අවසන් තීරණය අද පෙරවරුවේ ගන්නා බව කී එම නිලධාරියා එම ගාස්තු ඉහළ දැමීම සියයට 6.8 කට වඩා අඩුවීමට බොහෝ දුරටත් ඉඩ ඇති බව ද සඳහන් කළේය.
මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බව කී එම නිලධාරියා ඒ අනුව විදුලිබල මණ්ඩලය අවසන් වශයෙන් කළ යෝජනාවේ වියදම් ඇස්තමේන්තු කීපයක් පිළිබඳව තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ යෝජනාවලිය කරුණු 8 ක් යටතේ මේ වන විට අධ්‍යනය අවසන් කර ඇති අතර එහිදී විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම සහ ණය ගෙවීමට විදුලි ගාස්තුවලින් අරමුදල් සපයාගැනීම යන කරුණු පිළිබඳව අවදානය යොමුකළ බවත් එහිදී ඉන්ධන බලාගාරවලින් විදුලි වැඩිවශයෙන් මිලදීගැනීමට සහ පැරණි ණය ගෙවීමට විදුලි ගාස්තුව ඉහළ දැමීමට කර ඇති යෝජනා සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහතා මහජන උපයෝගීතා කොමිසම වෙත සැප්තැම්බර් මස යොමු කර යෝජනාවලියෙන් මෙම මස (ඔක්තෝබර්) සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17,694 ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය යැයි විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි බිල වැඩි වෙනවාද - නැද්ද තීරණය හෙට