IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදුලි කප්පාදුව පැය 7ක් වන ලකුණු

(යොහාන් භාසුර)

තාප විදුලිබලාගරවලට ඉන්ධන නොලැබුණ හොත් ඇඳිරි නීතිය ඉවත්කළ පසු  දිනකට පැය හතහමාරක් අනිවාර්යෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් එරංග කුඩාහේවා මහතා අද (11) පැවසීය.

එම විදුලි කප්පාදුව දහවල් පැය 5 ක් සහ රාත්‍රී පැය දෙකහමාරක් ලෙස සිදුවිය හැකි බවත් කුඩාහේවා මහතා කීය.

සියලුම තාප විදුලි බලාගාර සඳහා දැවිතෙල් ඇතුළු ඉන්ධන නොලැබීම නිසා බලාගාර ඇනහිටින තත්වයක් ඇති වී තිබෙන බව කී එරංග කුඩාහේවා මහතා දැවිතෙල් ඊයේ අවසන් වූ බව ද සඳහන් කළේය.  

ඉන්ධන ලබාගැනීමට ඉල්ලීම් කළ ද ලංකා ඛනිජ තෙල් සස්ථාවේ වගකිවයුතු නිලධාරීන්ගෙන් පිළිතුරක් ලැබී නොමැති බවත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු විදුලි ඉල්ලුම වැඩි වන බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.

මාසක පමණ කාලයක සිට දෛනිකව පැය 3 යි විනාඩි 20 බැගින් විදුලිය කප්පාදු කරයි. 



අදහස් (1)

විදුලි කප්පාදුව පැය 7ක් වන ලකුණු

Nilanka gunatilake Thursday, 12 May 2022 08:34 PM

මේක හරිම අසාධාරණයි. අපේ සල්ලි සේරම ආණ්ඩුව හූරන් කාලා. අපිට ගෑසුත් නැහැ, ලයිටුත් නැහැ. අපේ දරුවන් දාඩිය දාගෙන නිදි. මීට වඩා හොඳයි ලයිට් කපන්න එපා... මිනිස්සු මරලා දාන්න. ඔයාලා විසඳුමක් ගේන්න උත්සාහ කරන්නේ නැතිව ලයිට් එකත් කපලා දානවට නම් හෙණම ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site