(යොහාන් භාසුර)
විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් හෙවත් ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කර මකා තිබූ බවත් එහිදී යම්කිසි අකටයුතුකමක් වීමෙන් පත්වීම් ලැබූ රැසක් අසාධාරණයට ලක්ව ඇති බවත් එම පත්වීම් ලැබූවෝ රැසක් චෝදනා කරති.
ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් අධ්‍යාපන අමාත්‍යංශයේදී පසුගිය සිකුරාදා (4 වැනිදා) පිරිනැමූ බවත් එහිදී පත්වීම් ලිපිය භාරගත්තේ යැයි අස්සන් කළ පොතේ පත්වීම් රැසක් ‘ටිපෙට්ස්’ කර මකා වෙනස් කර තිබූ බවත් ගුරුවරු සඳහන් කළහ.
මෙහිදී ගුරුවරු, විදුහල්පති සහ ගුරු උපදේශක යන සේවය කටයුතු කළ ගුරුවරු රැසක් දැඩි අසාධාරණයට ලක්ව සිටින බවත් ඇතැම් ගුරුවරුන්ට කිලෝමීටර 150 ක් පමණ ඈත විද්‍යා පීඨවලට පවා පත්වීම්දී ඇති බවත් ඔවුහු පවසති.
එම පත්වීම් කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක මැදිහත්වීමේ වෙනස්කර ඇති බව කියන ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැබුවෝ පත්වීම් ලැයිස්තු ‘ටිපෙට්ස්’ කර පත්වීම් ලිපිය නැවත මුද්‍රණය කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බව ද සඳහන් කරති.
මෙම පත්වීම් දීමේදී කොට්ටාව ප්‍රදේශය පදිංචි ගුරුවරියක්ට මින්නේරියේ විද්‍යාපීඨයට පත්වීම් දී ඇති අතර තාක්‍ෂණවේදය විෂය පිළිබඳ ගුරුවරයෙක්ට එම විෂ්‍යයට අදාල විද්‍ය පීඨයට වන කුලියාපිටියට වෙනුවට භික්‍ෂූන් වහන්සේ අධ්‍යාපනය ලබන සාරිපුත්ත විද්‍යා පීඨයට පත්වීම් දී ඇති බව ද ඔවුහු පැවසූහ.
මාතර ගුරුවරියක්ට පොල්ගොල්ලට ද, කටුගස්තොට පදිංචිකරුවෙක්ට කිලෝමීටර 75 ක් දුර දඹදෙණියට ද, ගම්පහ පදිංචිකරුවන්ට පොළොන්නරුට ද, කටුනායක පදිංචිකරුවෙක්ට කිලෝමීටර 140 ක් පමණ දුර ශ්‍රීපාද විද්‍යා පීඨයට ද, පත්වීම් දී ඇති බවත් බොහෝ දෙනෙක්ට ඔවුන්ට අදාල විෂයන් නොමැති විද්‍යා පීඨවලට පත්වීම් දී ඇති බවත් ඔවුහු චෝදනා කරති.
මෙම පත්විම් ලැබූවන් ගුරුවරු, විදුහල්පති සහ ගුරු උපදේශක යන සේවාවල දිගු කාලයක් සේවය කළ දරුපවුල් සිටින පුද්ගලයන් වීම නිසා ඔවුන්ට අලුත්ම පත්වීමක් ලබන තරුණ ගුරුවරයෙක්ට වඩා පෞද්ගලික වගකීම් ඇති අය බව කී එම පත්වීම් ලැබූවෝ ඒ හේතුවෙන් මෙම පත්වීම් බොහෝමක් භාරනොගන්නා තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළහ.
මෙහිදී අසාධාරණයට ලක්වූ ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැබූ බොහෝ දෙනෙක් අධ්‍යාපන අමාත්‍යංශයට හෙට (7) පෙරවරුවේ පැමිණීමට සූදානමින් සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කරලා