IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිසුවෙක් මරුට

(ජේ.ඒ.එල්. ජයසිංහ)

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය, මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි විදුහලක සිසුන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් බේරාගත් බවත් එක් සිසුවෙක් මරණයට පත්ව ඇති බවත් තෙල්දෙණිය පොලිසි පවසයි.

බේරා ගත් සිසුන් දෙදෙනා තෙල්දෙණිය රෝහලට ඇතුලත් කර ඇතිබව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලැබූ කවිද නියංගොඩ නැමති සිසුවෙකු බව, මේ සම්බන්ධව විමසීමේදී තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ නිලධාරියා වැඩි දුරටත් කීය.

මහනුවර ප්‍රධාන පෙලේ  පිරිමි විදුහලක ළමුන් 51 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු තෙල්දෙණිය පොලිස් වසමේ ඹබරගල රාජමහා විහාරය  නැරඹීමට පැමිණ ඇති අතර ඒ ආසන්නයේ පිහිටි වික්ටෝරියා ජලාශයට  සිසුන් තිදෙනෙකු දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස එක් සිසුවෙකු  දියේ ගිලී  මරණයට පත්වී ඇති බව පොලිසිට කියයි. 

තෙල්⁣දෙණිය සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලීසීය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිසුවෙක් මරුට

ගමේ එකාලා Friday, 05 September 2025 06:03 PM

පීනන්ඩ හරියටම නොදැන පීනන්ඩ යනවා. මේ පිළිබදව පහුගිය කාලවල කරපු දැනුවත් කිරීම් අපිත් ඇහැව්වා.. අවදානම ගැන නොසිතා මොකටද යන්නේ...?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 408 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16751 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site