IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැලිගමට සභාපතිවරයකු පත් කිරිම දින නියමයක් නැතිව කල් යයි

(තරංග ගුණරත්න)

වැලිගම ප්‍රා‌දේශීය සභා සභාපතිවරයකු තෝරා ගැනීමේ ජන්ද විමසුම දින නියමයක්  නොමැතිව කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය පියවර ගත්තාය.

වැලිගම පාදේශිය සභාවෙි සභාපති ලෙස කටයුතු කල ලසන්ත වික්‍රමසේකර මහතා (ස.ජ.බ ) පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූහ.

එම පුරප්පාඩුවට නව  සභාපතිවරයකු  තෝරාපත් කර ගැනීම සදහා ජන්ද විමසුම අද දින පැවැත්වීමට නියමිතව තිබූ අතර   දකුණු පළාත්  පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු පෙරවරු 10:00 පමණ ආරම්භ කළාය.

සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 45 වුවත් සභාවට පැමිණ සිටියේ   සංඛ්‍යාව 15 දෙනකු පමණී.  එ අනුව අදාල ඝණ පූර්ණය සඳහා 23 ක් සිටිය යුතු බැවින් සභාවේ කටයුතු විනාඩි 30 කට කල් තැබීමට  කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය පියවර ගත්තාය.

අනතුරුව නැවත් සභාවේ කටයුතු පෙරවරු 10:30 ට ආරම්භ කළ අතර එහිදි සභාවේ අවශ්‍ය ගණපූර්ණය නොමැති වීම නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසුමේ ආඥා පනතේ 66 ඇ 4 - 1 උප වගන්තියේ යටතේ සභාවේ කටයුතු දින නියමයක්  නොමැතිව කල් තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තාය.

හිටපු සභාපති  ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයෙන් පසු සභාපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා මීට පෙරත් උත්සහා කළ ද එය ද අසාර්ථක විය.  

කෙසේ වුවද ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු සභාවට පැමිණ සිටි අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු කිසිවේ සභාවට පැමිණ නොසිටියහ. 

 



අදහස් (0)

වැලිගමට සභාපතිවරයකු පත් කිරිම දින නියමයක් නැතිව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site