IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරික්ෂණයක් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අද නියෝග කළේය.

බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ්  පසුගිය අප්‍රේල් 01 දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මියගොස් ඇති බවට ඔහුගේ මව  සමන්ති මහත්මිය කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී එසේ නියෝග නිකුත් කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට නම් මරණ පරීක්ෂණ වාර්තාව ඉතාමත් වැදගත් වන බවය.

ඒ අනුව විශේෂඥ මණ්ඩලයකින් සමන්විත කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

 



අදහස් (6)

වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්

Neel Wednesday, 09 April 2025 04:39 PM

වැලිකඩ පොලිසියේ මහත්වරුන්ට යුක්තිය සාධාරණය ඉෂ්ට වෙයි වගේ...

:       0       13

ජිල්බු Wednesday, 09 April 2025 06:19 PM

පොලිසියේ ඉඳලා බන්ධනාගාරෙටත් එච්චර දුරක් නැහැ...

:       0       13

ලක්මව් ඛන්නා Wednesday, 09 April 2025 08:03 PM

අපේ වැඩවලට උපරිම උදව් දුන්නු පොලිස් විරුවන් රැකගනිමු.

:       0       6

sugath Wednesday, 09 April 2025 08:05 PM

අන්තිමට අම්මා විතරයි පිහිටට ඉන්නේ...

:       0       10

pakeer Wednesday, 09 April 2025 08:52 PM

කවුරුහරි කෙනෙක් දන්නවාද මෙයාව අත්අඩංගුවට ගත්තේ කියලා?

:       0       0

Bunny Preena Thursday, 10 April 2025 10:06 AM

ලංකාවේ හැම පොලිස් ස්ථානයකම රිමාන්ඩ් මැදිරියේ අනිවාර්යෙන්ම සිසිටිවි සවි කළ යුතුයි ප්‍රශ්න කිරිම් සඳහා ස්වාධීන කමිටුවක් ඉදිරියේ සිදු කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site