IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


වාහන ආනයනයෙන් කෝටි 16,500ක ආදායමක්

(යොහාන් භාසුර)

මෙම වසරේ පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දීමත් සමග රුපියල් බිලියන 165 ක් හෙවත් රුපියල් කෝටි 16,500 ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (20) පැවසීය.

සීවලී අරුග්ගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

එම ආදායම හේතුවෙන් රේගුවේ ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට හැකියාව ඇති බව කී අරුක්ගොඩ මහතා 2025 වසරට රුපියල් බිලියන 2,115 ක් හෙවත් රුපියල් කෝටි 211,500 ක ආදායම් ඉලක්කයක් ලැබී ඇති බව ද සඳහන් කළේය.

රුපියල් බිලියන 1,533 ක් හෙවත් රුපියල් කෝටි 153,300 ක ආදායම් ඉලක්කය ලැබූ අතර එම ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් පසුගිය වසරේ ඉපලූ බවත් මෙම වසරේ ජූනි මස මැද වන විට රුපියල් බිලියන 900 ඉක්මවමින් ආදායමක් උපයා ඇති බවත් ඒ මහතා කීය.

මෙම වසරේ පෙබරවාරි 1 වැනිදා සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන් අතර එදින සිට මෝටර් රථ 14,000 ක් පමණ ආනයනය කර ඇති බව කී ඒ මහතා රුපියල් බිලියන 165ක පමණ ආදායමක් උපයලා ඇති බව ද සඳහන් කළේය.

මෙම වසරේ මෝටර් රථ ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 450ක් ඉපයීමට බලාපොරොත්තු වන බව ද අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

වාහන ආනයනයෙන් කෝටි 16,500ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site