සිටි සෙන්ටර් සංකීර්ණයට යාබද දෝහා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ වෙළෙඳ ප්‍රදර්ශනයක පවත්වාගෙන ගිය කුටි පහක් තාවකාලිකව වසා දැමීමට ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය. මෙවැනි සිදුවීමක් අසන්නට ලැබෙන්නේ කලාතුරකින් වීම විශේෂත්වයකි.
පරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝන කිරීම නිසා මෙම වෙළෙඳ කුටි පහ තාවකාලිකව වසා දැමු බවත්, වැරැදි නිවැරැදි කර ගත් පසුව ඒවා යළි විවෘත කිරීමට අවසර ලබාදෙන බවත් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.
මෙම වෙළෙඳ කුටි සිදුකළ වැරැදි අතර භාණ්ඩයේ මිල සහ තොරතුරු නිවේදනය කිරීමට අසමත් වීම, නිෂ්පාදනය සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ලබාදීම සහ තවත් කිහිපයක් වෙයි. රාමදාන් මාසය ආරම්භ වීමත් සමගම අමාත්‍යාංශය විසින් දියත් කළ වැටලීම් මාලාව අතරතුරේදී ඉහත වෙළෙඳ කුටි සොයාගත් බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
මේ අතර අල් වක්රා මත්ස්‍ය වෙළෙඳපොලේ අළෙවියට තබා තිබූ මාලු කිලෝ 500 ක් විනාශ කිරීමට නගර සභා සහ පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම මාලු තොගයම විනාශ කිරීමට හේතුව ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා වීමයි.
ශුද්ධ වූ රාමදාන් මාසය ආරම්භ වීමත් සමග අවන්හල්, මාලු වෙළෙඳසැල්, එළවළු සහ පළතුරු වෙළෙඳසැල් සහ මස් කඩ ආශ්‍රිතව සිදුකරන වැටලීම් වැඩි කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. එසේම රට පුරා පිහිටි ඉෆ්තාර් කූඩාරම් 199 කට කසළ බඳුන් 347 ක් ලබාදීමටද අමාත්‍යාංශය පියවර ගත් බව පිරිසිදු කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි සාෆාර් අල් සාෆි පවසයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඉෆ්තාර් කූඩාරම් සංඛ්‍යාව 169 දක්වා සියයට 18 කින් ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෙළෙඳ ප්‍රදර්ශනයේ අළෙවි කුටි පහක් තාවකාලිකව වසා දැමීමට නියෝග කෙරේ