IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


විහින් නහී

එක්සත් අරාබී එමීර් රාජ්‍යයයේ අල් ඛාන් මුහුදේ දියනෑමට ගිය ලාංකිකයෙක් (23) ඊයේ (25) දියේ ගිලී මියගියේය.

මේ සම්බන්ධයෙන්  සවස 7.30 ට පමණ සාජා පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී,පොලීසිය,ගිලන්රථ සහ සහන සේවා කණ්ඩායම් එහි ළඟාවන විටත් ලාංකිකයා මියගොස් තිබිණි.පසුව ඔහුගේ දේහය රෝහලට භාරදෙන ලදී.

මෙම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස දැන්වීම් ද  පළකර තිබිණි.



අදහස් (0)

විහින් නහී

පිටිගල Tuesday, 27 May 2014 07:24 PM

මෙහේ මුහුද නම් එතරම්ම සැර නැහැ. අපිත් නානවා (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 27 May 2014 07:41 PM

දැන් මෙහෙත් ග්‍රීෂ්ම කාලය.කරාම වලින් එන වතුර ලෝදිය වගේ උණුසුම්.ඒක නිසා මුහුදේ නාන්න ගියාද දන්නෙ නැහැ.නාන්න එපා කියලා අනතුරු අඟවලාත් තිබියදී මොකට ගියාද මන්දා? ඔබට නිවන් සැප! (නි) ලැබේවා !!!.

:       0       0

නිල්මිණි Tuesday, 27 May 2014 07:45 PM

පිටිගල,කොහොමහරි කමක් නැහැ. ඔයා නානවනේ... ඒ ඇති. (නි)

:       0       0

දිසානායක Tuesday, 27 May 2014 08:08 PM

අපි හිතුවේ එතන ගැඔුරු නැතුව අැති කියලා. බලනකොට ගැඔුරුයිනේ... සිංහලෙන් ලිවුවා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ (නි)

:       0       0

රාජු Tuesday, 27 May 2014 08:45 PM

මල මගුල මේ රටවලට සිංහලෙන් ලියන්යි කියලා නීතියක් ගේන්න ඕනා මේ හැම ඒකටම භාෂාවනේ ප්‍රශ්නේ (අ)

:       0       0

මෙවන් Tuesday, 27 May 2014 11:45 PM

කව්ද ඇත්තෙන්ම උවමනාවෙන් මැරෙන්න හදන්නේ. මොහුට සමහර විට භාෂාව නොතේරුනා වෙන්න බැරිද? මාරයා භද්‍ර යෞව්වන ය මේ තරුණයාගෙන් උදුරාගත්ත එකනම් හරිම ඛේද වාචකයක්. මොහුට මින් මතු අකල් මරණයක් නම් නොම වේවා!!! (ස)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 01:23 AM

ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 28 May 2014 02:45 AM

තමන් දුරුරටක සිටියදී මීට වඩා ප්‍රවේශම් වෙන්න (නි)

:       0       0

අජන්ත Tuesday, 27 May 2014 02:58 PM

දැන්වීම දැකල නෑ වගේ, ඔබට නිවන් සුව ! (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 27 May 2014 03:14 PM

අපේ කොල්ලෝ කරන්න එපා කියනදෙනේ කරන්න හදන්නේ,(දිල්)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 27 May 2014 03:40 PM

ඉදිරි කාලය ඉතාලියෙ ග්‍රීස්ම කාලය. හැම අවුරුද්දකම මිලානො වල නම්,මත්පැන් බෝතල අරගෙන වැව් වලට ගංගා වලට යනව. හැම අවුරුද්දකම විහින් මැරෙන අය මෙහෙත් ඉන්නව. මුලු අවුරුද්ද මුලුල්ලේම සීතලෙන් බැට කාල විනෝද වෙන්න යනව තමයි, නමුත් පරිස්සම් වීම අඩුයි.

:       0       0

අමිල Tuesday, 27 May 2014 03:50 PM

සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැනේ , ඉතින් ඔය අරාබි බාසාවෙන් ඉංග්‍රීසි බාසාවෙන් ගහපු බෝර්ඩ් වලින් වැඩක් නැහැ. සිංහලෙන් ම ගහන්න වෙනව. (ස)

:       0       0

ග්‍රෙගරි Wednesday, 28 May 2014 11:05 AM

මේ දවස් වල මෙහෙ තියෙන පට්ට රස්නයත් එක්ක මුහුදට බහින්න පිස්සුද මන්දා. මුහුදු වතුරත් ගින්දර වගේ. (නදී)

:       0       0

දුම්මලසූරිය Wednesday, 28 May 2014 11:10 AM

පිටරටවල ගියාම රැකියාවම කර කර ඉන්න ඕනේ නැහැ. අපි ටිකක් විනෝද වෙන්න ඕන තමයි. නමුත් මොන දේ කලත් (නරක වැඩ කරන එක අනුමත නොකරමි) අපි ආපු වැඩේ කරගන යහතින් ආපහු යා යුතු බව සිහියේ තබාගන වගකීමකින් ජිවත් වියයුතුයි. අපි වෙනුවෙන් අපි එනතුරු අපේම අය ලංකාවේ මගබලා ඉන්න බවත් නිතරම හිතන්න ඕනා.(නදී)

:       0       0

අමිල පුෂ්ප කුමාර Tuesday, 27 May 2014 04:39 PM

මොනවා කීවත් අපේ සිංහල කට්ටිය ටිකක් පණ්ඩිතයි. මොන බෝඩ් ගහල තිබ්බත් මම විතර හපනෙක් නැහැ කියල වැඩේට බහින්නේ .අන්තිමට අනතුරකට ලක් වෙනකම් දන්නෙම නැහැ. (ස) .

:       0       0

චින්තක Tuesday, 27 May 2014 06:12 PM

අපේ අය ඉතින් කරන්නෙම එපා කියන දේවල්මනේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 58 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site