IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වාහන නැවැත්වීමේදී අයකරන නව ගාස්තු ක්‍රමය බලාත්මක වෙයි

Parking

 

වාහන නැවැත්වීමේදී අයකරන නව ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා මෝල්, සාප්පු සංකීර්ණ සහ වාණිජ සංකීර්ණ සඳහා ලබාදුන් සහන කාලය නිමාවූ බව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය පවසයි.


ගනුදෙනුකරුවන්ගේ වාහන නවතා තැබීම සඳහා මෝල් සහ සාප්පු සංකීර්ණ විසින් අධික මුදලක් අයකිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව අමාත්‍යාංශය විසින් වාහන ගාල් සහ වොලට් සේවාවන් නියාමනය කිරීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය.


ඒ අනුව සිටි සෙන්ටර්, එස්ඩාන් මෝල්, ලෑන්ඞ් මාර්ක් සංකීර්ණය, ගල්ෆ් මෝල්, ධාර් අල් සලාම් සංකීර්ණය, ගේට් මෝල්, සූක් වාකිෆ්, දෝහා ගෝල්ෆ් සමාජය, අහ්ලි රෝහල, විලාජියෝ, ලැගූනා මෝල්, පර්ල් කටාර් සහ කටාරා යන ආයතනවලට වාහන නැවැත්වීමේ සහ වොලට් සේවාවන් සඳහා මුදල් අයකිරීමේ අවසරය ලබාදී ඇත.


නව ගාස්තු ක්‍රමය යටතේ වාහනයක් නවතා තැබීමේදී පළමු සහ දෙවැනි පැය සඳහා පැයකට කටාර් රියාල් 2 ක්ද, තුන්වැනි සහ සිවුවැනි පැය සඳහා පැයකට කටාර් රියාල් 3 ක්ද, ඉන්පසුව පැයකට කටාර් රියාල් 5 ක් ද අයකෙරෙනු ඇත. වාහනයක් නවතා තැබීම සඳහා දිනකට අයකළ හැකි උපරිම ගාස්තුව කටාර් රියාල් 70 කි. යම් හෙයකින් වාහනයේ හිමිකරුවාට සිය ටිකට් පත අස්ථාන කරගතහොත් එවිට කටාර් රියාල් 70 ක මුදලක් ගෙවීමට ඔහුට සිදුවෙයි.


වොලට් පාර්කින් සේවාව ලබාගන්නා ගනුදෙනුකරුවකු ඒ සඳහා කටාර් රියාල් 30 ක් ගෙවිය යුතු අතර විශේෂ වොලට් සේවාව සඳහා අයකිරීම කටාර් රියාල් 60 කි.


 යම් ගනුදෙනුකරුවෙක් තම වාහනය ගාල් කිරීමට ඉඩ නොමැති නිසා පැය භාගයක් ඇතුළත් රථ ගාලෙන් පිටවුවහොත් ඔහුගෙන් කිසිදු මුදලක් අයකිරීම නව නීතිය මඟින් තහනම් කර තිබේ.


එසේම වාහන ගාල් කිරීමේ ස්ථානයක් අදාළ බලධාරීන් අවසරයකින් තොරව කිසිදු ආකාරයෙන් පිටස්තර පාර්ශ්වයකට කුලියටදීමට නොහැකි බවද නව නීතියෙන් අවධාරණය කර තිබේ.


එසේම තම රථ ගාලේ නවතා ඇති වාහනය ආරක්ෂා කරන ලෙසට ද නව නීතියෙන් සියලුම වාණිජ සංකීර්ණ, මෝල් සහ සාප්පු සංකීර්ණවලට දැනුම් දී ඇත.


නව වාහන ගාල් කිරීමේ නීතියට අදාළ ඕනෑම පැමිණිල්ලක් සබදෙ?පැජගටදඩගු් යන ලිපිනයට ඊමේල් කිරීම හෝ ?ඵෑක්‍_ූ්ඕඍ යනුවෙන් ට්විටර් හරහා දැනුම් දෙන ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

වාහන නැවැත්වීමේදී අයකරන නව ගාස්තු ක්‍රමය බලාත්මක වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site