IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහනයක් වරදකින් බේරාගන්න පොලිසියට නාට්‍ය පෙන්වූ තරුණයාට ඇප

(නිමන්ති රණසිංහ)

තමන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පුත්‍රයා බව පවසමින් මිත්‍රයකුගේ වාහනයක් රථවාහන වරදකින් නිදහස් කර දෙන ලෙසට ඉල්ලා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් බව කියන තරුණයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය.

සැකකරු අන් අයකු ලෙස පෙනී සිටිමින් වංචා කර ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 403 වගන්තිවලට අනුව වරදවල් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුනේ කුරුදුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර මහතා විසිනි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරි දිනයේදී අධිකරණයට ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියම කරමින් ලබන 20 වැනිදා තෙක් නඩුව කල් තැබීය.



අදහස් (1)

වාහනයක් වරදකින් බේරාගන්න පොලිසියට නාට්‍ය පෙන්වූ තරුණයාට ඇප

Bunny Preena Friday, 17 March 2023 09:23 AM

ඩුප්ලිකේට් අය සෑහෙන්න වැහි වැහැලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site