දින හයක් තිස්සේ ගම් රැසක විසි දහසක ජනතාවට බීමට ජලය නැතැයි පවසමින් තංගල්ල අවට ගම් රැසක් ජනතාව අද (05) පෙරවරුවේ සිට තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගොඩැල්ලවෙල මංසන්ධිය හරස් කරමින් විරෝධතාවක් පවත්වමින් සිටිති.
තමන්ට පසු ගිය ඉරිදා දින සිට පානීය නල ජලය නොලැබී ඇති බවත් ගොඩැල්ලවෙල, කදුරුපොකුණ,උණාකූරුව ආදී ගම් රැසක පවුල් හාරදහසකට පමණ දින හයක් තිස්සේ බීමට ජලය නැතිව දුක් විදින බව විරෝධතා කරුවෝ පවසති.
තංගල්ල, නලගම ජල පවිත්‍රාගාරයේ නිළධාරීන් පවසන්නේ පලපොත සිට එලා ඇති ප්‍රධාන ජල නළ මාර්ගය අබලන් වී ඇති බවත් එම ප්‍රධාන ජල නළ මාර්ගය පිපිරීම් වලට ලක් වෙන බවයි. නව ජල මාර්ගයක් එලීමෙන් තොරව ඇති වී ඇති ගැටළුවට පිළිතුරක් නොමැති බව ද නලගම ජල පවිත්‍රාගාරයේ නිළධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විසි දහසක් පිපාසයෙන්
පියුමාල් Saturday, 06 February 2016 08:44 AM
අයියෝ මේ මිනිස්සු විඳින දුකක්! (නි)
දිල්ෂාන් Friday, 05 February 2016 02:48 PM
බොන්න වතුර නැති වුනාම මිනිස්සු කලබල කරන එක පුදුමයක් නොවේ. තව ටික කලකින් කන්නත් නැති වුණාම තවත් කලබල ඇති වේවි.(කෞ)
නිමල් Friday, 05 February 2016 11:08 AM
මෙම ජාල යෝජනා ක්‍රමය බාරව සිටි බලදාරීන් දැන්ද ඇහැරෙන්නේ. හරස් කළ යුත්තේ මහා මාර්ගය නොවේ. .(හේ)