නුවරඑළිය නගරයට දින පස්වරුවේ ආරම්භ වු අධික වර්ෂාව නුවරඑළිය ජන ජීවිතයට බාධා ඇති කළ බව ප්‍රදේශවාසීහු කියති.
නුවරඑළිය ජනාධිපති මන්දිරයට පිවිසුම අසල, ධර්මපාල වටරවුම ආශ්‍රිතව, වික්ටෝරියා උද්‍යානය තුළ, වික්ටෝරියා උද්‍යානය පිවිසුම අසල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, තුරග තරග පිටියේ කම්කරු නිවාස පේළිය, පරණ කඩ වීදියේ නිවාස පෙළක්ද, හාවාඑළිය ජුම්මා පල්ලිය අසලද මහින්ද මාවතේ පහත් බිම් වල නිවාස පෙළක්ද ජල ගැල්මට ලක්වු බව නුවරඑළිය පොලිසිය කියයි.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔයේ ජලමට්ටම ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
පුත්තලම එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ වාහන ගමනා ගමනය සති දෙකක පමණ කාලයක පටන් ඇන හිට තිබේ. මේ වන විට කලාඔය හරහා ඉදිකර ඇති ක්‍රොරස්වේ තැලවිලි පාලමේ සිට අඩි හයක් හතක් පමණ උසකින් ජලාය ගලාගෙන යන බව එළුවන්තුලම ගොවි සංවිධානයේ නිළධාරීහු කියති.
දින 4ක් තිස්සේ සවස් භාගයේ පවතින මහ වැසි සමග නාච්චදූව වැව පිටාර ගැලීමට අමතරව වැසි ජලයෙන් හීන් ඇල හා මහ ඇල අසල පවුල් 100 ක් පමණ අවතැන්වී සිටිතියි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේද අඛණ්ඩව ඇද හැළෙන වර්ෂාව නිසා ජනතාවගේ දෛනික ජීවිතය අඩාල වී ඇතැයි කියති.
පාසැල්, ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද උදේ8.30 න් අවසන් වූ පැය 24 ඇතුලත මි.මී.100.9 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි කේ.සූරියකුමාර් මහතා පැවසීය.
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ උපරිම ධාරිතාවයෙන් 95% පිරී ඇතැයි ජලාශය භාර සහකාර ඉංජිනේරු ජේ. එම්. ඩබ්ලිව්. ජයසුන්දර මහතා පැවසීය.
ජලාශයේ දොරටු 8 න් 4ක් අඩි 2 බැගින්ද 3ක් අඩි 3 බැගින්දවිවෘත කර ඇත . ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 70 කි.
ඉංජිනේරුවරයා පැවසුවේ පෙරේදා (02) මිලි මීටර් 70 ක වර්ෂාපතනයක් ප්‍රදේශයට ලැබීම නිසා ජල මට්ටම තවත් ඉහල යා හැකි බවත් ඉහළ ගියහොත් තවත් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා පහළ ප්‍රදේශයේ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවත් ය.
ඡායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි
ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි
ඡායාරූප - රෝවන් පෙරේරා
ඡායාරූප - සංජීවනී කෝට්ටගොඩ
ඡායාරූප - ජවුෆර් කාන්
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස රටම අඳුරු කරයි