IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විස්සයි/20 සංචිතයට නවකයෝ 6 ක් එක්වෙති

බංග්ලාදේශයට එරෙහිව මේ මස 31 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නවක කී‍්‍රඩකයෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති.

කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, චතුරංග ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, රමිත් රඹුක්වැල්ල සහ ඉෂාන් ජයරත්න යන ක‍්‍රීඩකයන් හයදනා ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත්වූ පළමු අවස්ථාව මෙයයි.

පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන යශෝධ ලංකා සහ දෙවැනි කඩුලූ ලාභියා වන ඩිල්රුවන් පෙරේරා ඇතුළත්ව නොමැති නමුත් පළමු පෙළ තරගාවලියේ තරග 5 කදී ලකුණු 122 ක් පමණක් රැුස්කර ඇති රමිත් රඹුක්වැල්ල මෙම සංචිතයට ඇතුළත් වී සිටී.

මුවර්ස් පිල නියෝජනය කරන චතුරංග ද සිල්වා සහ ෂෙහාන් ජයසූරියත්, කෝල්ට්ස් පිලේ දකුණතින් වේග පන්දුයවන ඉෂාන් ජයරත්නත් මෙවර පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ මේ දක්වා දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෝ වෙති.   

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී විවේක ගන්වා ඇති අතර මහේල ජයවර්ධන ආබාධයකට ලක්ව සිටීම නිසා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත්ව සිටියි.  

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), කුසල් ජනිත්, ඩිල්ෂාන් මුණවීර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේනානායක, ශාමින්ද එරංග, චතුරංග ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, රමිත් රඹුක්වැල්ල, ඉෂාන් ජයරත්න සහ තිසර පෙරේරා



අදහස් (0)

විස්සයි/20 සංචිතයට නවකයෝ 6 ක් එක්වෙති

විභූති Wednesday, 27 March 2013 07:05 PM

මෙයාලත් බැල්කනියෙන් වැටුනද ටීම් එකට.(නදී)

:       0       0

උපුල් Wednesday, 27 March 2013 08:08 PM

රමිත් රඹුක්වැල්ලට සුභ අනාගතයක්! (නි)

:       0       0

තේෂාන් Friday, 29 March 2013 08:54 PM

නවකයින්ට හොද අවස්ථාවක් ඔවුන්ගේ දස්කම් පෙන්වන්න.(නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 28 March 2013 10:35 AM

නවක ක්‍රීඩකයින්ට හොද අවස්ථාවක්.(නදී)

:       0       0

සමන් Thursday, 28 March 2013 10:51 AM

6 ක් වැඩි නැද්ද (දී)

:       0       0

ජීවා Thursday, 28 March 2013 10:53 AM

වේගවත් පිති හරඹයක් අවශ්‍යයි (දී)

:       0       0

සකු Thursday, 28 March 2013 11:00 AM

අපේ ජෙෂ්ටයින්ගේ පාලනය යටතේ වෙන්න ඇති ඔවුන් සෙල්ලම් කරන්නේ (දී)

:       0       0

සමන් Thursday, 28 March 2013 11:01 AM

ලංකාව හිටපු තැන රැක ගන්න පුළුවන් නේද (දී)

:       0       0

රත්නා Thursday, 28 March 2013 10:58 AM

ඔබලාගේ අනාගතය පැහැදිලියි (දී)

:       0       0

කුෂාන් Thursday, 28 March 2013 12:16 PM

ෂෙහාන් ජයසූරියට අවස්ථාවක් ලැබුණු එක ගැන මට සතුටුයි (නි)

:       0       0

අසින්ත Wednesday, 27 March 2013 10:21 PM

ඇමති පුතාලත් මේ දේවල් වලට සම්බන්ධ වෙන එක හොදයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 27 March 2013 11:16 PM

නවකයන් තමයි දවසක ප්‍රවීනයන් වෙන්නේ (දී)

:       0       0

අංජුල Wednesday, 27 March 2013 04:34 PM

නවකයින්ට තැන දීම වටිනා වැඩක් (දී)

:       0       0

තරිඳු Wednesday, 27 March 2013 04:35 PM

ජයවේවා සුභපැතුම් ඔබලාට (දී)

:       0       0

මංජු Thursday, 28 March 2013 01:03 AM

දිනුක හෙට්ටිආරච්චිටත් චාන්ස් එකක් දෙන්න බලන්නකෝ. (නි)

:       0       0

සමන් Thursday, 28 March 2013 03:47 AM

ජයසුරිය මහතා ගත්ත හොද තීරණයක් (දී)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 04:56 PM

කණ්ඩායමට සුභපතනවා මම (දී)

:       0       0

සුසාන් Wednesday, 27 March 2013 04:56 PM

ඔය එන්නෙ නැහැ කියපු අය ෂෝක්එකට ඇවිත් තියෙන්නේ. (නි)

:       0       0

තත්සරණි Saturday, 30 March 2013 12:26 PM

සන්ග යි ඩිල්ශාන් නැති පාලුව හා පාඩුව අපිට අඩුවක් නැතිව දැනේ (අ)

:       0       0

සුරංග Wednesday, 27 March 2013 05:28 PM

ඇයි ගිහාන් රූපසිංහට අවස්ථාවක් දෙන්නෙ නැත්තේ? (නි)

:       0       0

කිරුළු Wednesday, 27 March 2013 05:27 PM

සියලු දෙනාටම සුභපැතුම් (දී)

:       0       0

කරු Thursday, 28 March 2013 03:31 PM

වෙනස තමයි අපිට ඕනේ.(නදී)

:       0       0

කුමාර Thursday, 28 March 2013 09:12 AM

ඇයි යශෝධ ලංකාට චාන්ස් එකක් නැත්තේ. (නදී)

:       0       0

චූලා Thursday, 28 March 2013 09:15 AM

රමිත, අන්තිම එකොලහට ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ. හරි ෂෝක්.(නදී)

:       0       0

මලිත් Wednesday, 27 March 2013 06:28 PM

නවකයෝ පුරුදු පුහුණු කරන්න මේ වගේ දේවල් කරන එක ඉතා වදගත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site