20- 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි.
මීට පෙර ලෝක කුසලාන සංචිතයේ නායකත්ව ලසිත් මාලිංගට පැවරී තිබූ අතර ආබාධයක් හේතුවෙන් ආසියා කුසලාන තරගාවලියේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ ලසිත් මාලිංග සඳුදා නායකත්වයෙන් ඉවත්වන බව තහවුරු කළේය.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ටද උපනායකත්වය දිනේෂ් චන්දිමාල්ටද ලබා දී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවටද අරවින්ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් නව සාමාජික පිරිසක් ද තෝරාගැනිණි. ඒ අනුව කුමාර් සංගක්කාර, රොමේෂ් කළුවිතාරණ, ලලිත් කළුපෙරුම හා රංජිත් මදුරසිංහ එහි නව සාමාජිකයෝ වෙති.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර සංචිතයේ වෙනස්කම් කිහිපයක්ද අද සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට
චන්දිකා Tuesday, 08 March 2016 08:40 AM
මාලිංග හොඳ ක්‍රීඩකයෙක් වුණත් ..මහා පණ්ඩිතයෙක් ...අරවින්ද ,කළු,සංගක්කාර, මදුරු ඉතාම හොද තේරීමක් ..තේරීම් කමිටුවට.. (ම)
බුද්දි Tuesday, 08 March 2016 09:03 AM
තිසර පෙරේරා සහ දිල්ෂාන් ඔපෙන් කරන්න එවන්න . කප් එක අපිට. (ර)
කමල් Tuesday, 08 March 2016 06:08 AM
ඒක නම් හොඳයි (නි)
සුරංග Tuesday, 08 March 2016 10:08 AM
හොද තීරණයක්. (ර)
අමල් Tuesday, 08 March 2016 10:16 AM
හොද අදහසක්. (ර)
ප්රදීප් Tuesday, 08 March 2016 10:08 AM
මමත් බුද්දිගේ අදහසට එකගයි. (ර)
ද සිල්වා Tuesday, 08 March 2016 06:46 AM
හොඳ තීරණයක් මහත්වරුනි දැන් අපි අයෙමත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරංග නරබන්න එනවා , ලංකාව අමාරුවේ වැටිලා ඉන්නකොට ඔබල ඇවිත් නිතරම ලංකාව බේරගන්න බව අපි දනිමු. (ර)