IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් වයඹ පවුල් 110 ක් අමාරුවේ

දින කිහිපයක මහ වැසි සමග රජරට හා වයඹ වැව් අමුණු කිහිපයක් පිරී ගංවතුරු බියක් හටගෙන ඇත.

අන්දර වැව,මීඔය හා නරිඔය පිටාර ගැලීමෙන් අඩු ගණනේ පවුල් 110 ක්වත් අවතැන්වන්නට ඇතියි කියති.

ගිය වසරේද වාන් දැමු ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 199 ක් දක්වා ඉහළ ගියේය.ජල මට්ටම තවත් අඩියකින් හෝ වැඩිවුවහොත් ඉගිනිමිටිය ජලාශය වාන් දමයි.දැදුරුඔය ජලමට්ටම අඩි 204 කි. එහි වාන් මට්ටම අඩි 220 කි.

 

 

 

 

 

 

 



අදහස් (0)

වැස්සෙන් වයඹ පවුල් 110 ක් අමාරුවේ

රජින්ද Sunday, 04 May 2014 05:12 PM

මේ ගලන්නේ මනාව කළමනාකරණය කරලා ගොවිබිම් වලට අවුරුද්ද පුරාම වගා කටයුතුවලට දෙන්න පුළුවන් වතුර ටික නේද? වැව් ටික හරි විදිහට හාරලා වතුර ටික එකතු කරන්න බැරි තරම්ම අපේ ජාතියේ හදවත් නරුම වෙලාද?(ස)

:       0       0

ගුණේ Sunday, 04 May 2014 05:37 PM

වැව්, දාගැබ්, වෙහෙර, විහාර කරවපු රජවරු හිටියේ ඉස්සර කාලේ. දැන් රජවරු වෙනුවට ඉන්නේ පාලකයෝ. එයාල කරවන්නේ උස ගොඩනැගිලි (ස)

:       0       0

දයා අලහකෝන් Sunday, 04 May 2014 06:06 PM

පෙර රජවරු වැසි බිඳක් ප්‍රෙයා්ජනයට නොගෙන මුහුදට යා නොදී කටයුතුකළේ රටේ යහපතටයි. තියෙන වැව් අමුණු පිලිසකරන කර බැමි තරකර මේ ගලායන ජලය රැකගන්නට මොළේ නැද්ද මන්දා. වෙන මොකුත් අවශ්‍ය නැහැ වැව්ටික හාරලා පිළිසකර කරලා දුන්නොත් රටම ගොඩ. (ස)

:       0       0

භානු Sunday, 04 May 2014 05:21 PM

කෝ මේ පළාතේ පාලකයෝ ? ඡන්දෙ කාලෙට නම් වතුරේ බැහැගෙන හරි මිනිස්සුන්ගේ දුක සැප බලන්න එවි. දැන් හැමෝම ආගිය අතක් නැහැ. (ස)

:       0       0

චමී Sunday, 04 May 2014 06:30 PM

රජින්ද,ගුනේ,දයා අලහකෝන්, දැන් අපිට වැව් ඕනේ නැහැ. ජලකලමනාකරණය ඕනෙත් නැහැ. වෙන රටකින් හාල් ගෙනල්ල හරි අපි තුන්වේල කමු. මොකද සංචාරක කර්මන්තෙනේ අපේ එකම අභිලාශය රට සංවර්ධනය කරන . (ස)

:       0       0

මනෝජ්-සාජා Sunday, 04 May 2014 08:50 PM

දැදුරු ඔය නිසා පහල ප්‍රදේශ යටවෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ පැත්තට හොදට වහින්න ඕන .මම හිතන විදිහට මධ්‍යම පළාතෙන් පටන් ගෙන මධ්‍යම පළාතට කිසිම ප්‍රයෝජනයක් නැතිව ගලායන එකම ඔය දැදුරු ඔයයි .(ස)

:       0       0

දයාල් Sunday, 04 May 2014 09:03 PM

අපේ පැත්තට වී එහල ගොයම් හිටවල ගොයම් කපපු ගමන් සේරම හේදිලා යන්න වහිනවා ගොයම් බණ්ඩි කාලයට නොසෑහෙන්න පායනවා අපිට වැවක් නැහැ. වතුර නැහැ. (ස)

:       0       0

චමල් Monday, 05 May 2014 09:57 AM

ඇමතිලාගේ රිලා නැටුම් වලින් තමයි මෙහෙම උනේ.(නදී)

:       0       0

අනුරුද්ධි Monday, 05 May 2014 11:10 AM

මේ කොච්චර වැස්සත් මහවැලි අධිකාරියට වතුර නැහැ යල කන්නයට දෙන්න ජලාශ පිටාර ගලනවා.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 02:45 PM

ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස. සභාවධර්මයත් දුප්පතාටමයි හරහට හිටින්නේ. (ස)

:       0       0

ධම්ම Sunday, 04 May 2014 03:16 PM

මෙහෙ වතුර වැඩි උනාට තව පළාතකට නියඟ. මේ වැඩි වතුර ගබඩා කරන්න අවශ්‍යය තැන් ඕන තරම් මේ රටේ තියෙනවා. පාලකයින්ට ප්‍රඥාව පමණයි අවශ්‍යය. (ස)

:       0       0

ජීවක Sunday, 04 May 2014 03:25 PM

සුමානයක් පායපුවාම නියඟය ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site