2017 අවසන් වනතුරු ඇමරිකා ජී.එස්.පී. තීරුබදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
මීට පෙර ක්‍රියාත්මක වූ ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය 2013 වසරේ ජූලි 13 වැනිදා අවසන් වුණා. එය මේ වසරේ ජූලි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නැවත ස්ථාපිත කර තිබෙනවා.
ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගයට ජනාධිපති බැරැක් ඔබාමා පසුගියදා ජූනි 26 වැනිදා අත්සන් තැබූ බවයි.
ඉකුත් පෙබරවාරී මාසයේ ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇමෙරිකා ජී.එස්.පී සහනය යළි මෙරටට යළි ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර් ටයර්, ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, රබර් අත්වැසුම්, සක්‍රීය කාබන්, කොහු නිෂ්පාදන සහ පිඟන් භාණ්ඩ වර්ග ආදිය සඳහා මෙම ජී.එස්.පී. සහනය බලපැවැත්වේ.
ඇමරිකාව විදේශ සමඟ සිදුකරන ගණුදෙනුවලදී පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛතා සාමාන්‍යකරණ පද්ධතිය හෙවත් ජී.එස්.පී. රටවල් සහ කලාප 122 ක් සඳහා බලපැවැත්වේ.
භාණ්ඩ 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැකි මෙම ජී.එස්.පී. තීරුබදු සහනය 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා වලංගු වේ
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර දෙකකට පසු ජි.එස්.පි. ලංකාවට