IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වසර තුනට අල්ලස් කොමිසමෙන් නඩු 268ක් - මැති ඇමැතිවරුන් 8කුත් ඒ අතර

තරිඳු ජයවර්ධන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය තෙවසරේ ලැබුණු පැමිණිලිවලට අදාළව නඩු 268ක් පවරා ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි.

එම නඩු පැවරූ පිරිස අතර හිටපු ඇමැතිවරු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු  සහ විවිධ ආයතනවල ප්‍රධානීහු ද වෙති.

2015 වර්ෂයේ පැමිණිලි 3964ක් ද, 2016 වර්ෂයේ පැමිණිලි 3450ක් ද, 2017 වර්ෂයේ පැමිණිලි 2768ක් ද වශයෙන් පසුගිය තෙවසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි ගණන 10182කි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම තොරතුරු ප්‍රකාශ කර සිටින්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ යොමු කළ තොරතුරු අයදුම්පතකට අදාළව තොරතුරු නිකුත් කරමිනි.

ගෙවුණු වසර තුනට අදාළ පැමිණිලිවලින් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 108ක් ද, මහාධිකරණයේ නඩු 160ක් ද ගොනු කර ඇති බල එම කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් නඩු 64ක් මේ වන විට අවසසන් වී තිබේ.

අල්ලස් ලබා ගැනීම, අල්ලස් ඉල්ලීම , අල්ලස් පනතේ 70 වගන්තිය අනුව දූෂණය නම් වරද සහ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් මෙම නඩු පවරා තිබේ.

අල්ලස් පනත අනුව සහ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති පළාත් පාලන ප්‍රධානීන් අතර කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව් ලක්ෂ්මන්,  මීගමුව හිටපු නගරාධිපති ආර් ඇන්තනී, පාතහේවාහැර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර් එම් සී එන් බණ්ඩාර රාජනායක,  දොම්පේ ප්‍රාදේශීය සභාපේ හිටපු සභාපති  ඩබ්ලිව් පී එම් එස් ජයතිලක, නුවඑළිය හිටපු නගරාධිපති ඩී ජී හින්ද කුමාර, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් වර්ණකුලසූරිය, පෑලියගොඩ හිටපු නගරාධිපති ආනන්ද පෙරේරා,  වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග යන මහත්වරු ද වෙති.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති හිටපු අමාත්‍ය කේ බී දිසානායක රඹුක්වැල්ල,  සිවිල් ගුවන් සේවා හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්න,  අපදා කළමනාකරණ හිටපු අමාත්‍ය එච් එච් එම් ෆවුසි, ක්‍රීඩා හිටපු අමාත්‍ය එම් මහින්දානන්ද අලුත්ගමෙග්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපති සරණ ගුණවර්ධන, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ප්‍රවාහන අමාත්‍ය එස් කේ ඒ වෙල්ගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන මැති ඇමැතිවරුන්ට විරුද්ධව ද අල්ලස් පනත යටතේ සහ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ ලේඛනවල දැක්වේ.

හිඟුරාන සීනි කර්මාන්තායතනයේ හිටපු සභාපති ඩී සී එස් ප්‍රේමරත්න,  බඩල්කුඹුර හිටපු ප්‍රාදේශීය ලේකම් ආර් එම් සී රත්නායක, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ඒ එච් එම් ඩී නවාස්, හිටපු නීතිපති පී එම් එම් පීරිස්, විදුලිබල හා බලෂක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් එම් එච් ෆර්ඩිනැන්ඩු, ලක්සල හිටපු සභාපති ඒ කොස්වත්ත,  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ජේ බී හීන්කෙන්ද,  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ඩබ්ලිව් රූපසිංහ, හිටපු රේගු අධ්‍යක්ෂ කේ රංජන්, මිහින් ලංකා හිටපු ප්‍රධාන විධායක එස් ද වාස් ගුණවර්ධන,  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වරාය ධඅකාරියේ හිටපු සභාපති පී බී වික්‍රමගේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති පී එම් ජේ ජයසුමන චන්ද්‍රවංශ සහ ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ආර් එම් බිංදුසාර ආදී ආයතන ප්‍රධානීන් රැසකට විරුද්ධව ද නඩු පවරා ඇතැයි ද කොමිසම සඳහන් කරයි.

 

 



අදහස් (5)

වසර තුනට අල්ලස් කොමිසමෙන් නඩු 268ක් - මැති ඇමැතිවරුන් 8කුත් ඒ අතර

sanath Sunday, 26 August 2018 06:52 PM

තෝරු මෝරු නම් ඔය දැල කඩාගෙන එලියට පනීයි හාල්මැස්සෝ දෙන්නෙක් තුන්දෙනෙක් අවුරුදු පහලවකට විස්සකට බරපතල වැඩ ඇතිව හිරේට යවයි. මේ ඉතින් සුපිරි ලංකාවනේ.

:       0       26

Mahee Sunday, 26 August 2018 11:56 PM

පැමිණිලි 10182 කින් 268 ක් කියන්නේ 2.6% ක්. කවදා ඉවර කරන්නද ඔය පැමිණිලි කන්දරාව? ඔය යන වේගයට නම් කවදාවත් ඒක නොකෙරෙන බව පැහැදිලියි. වැදගත්ම දේ තමයි ඔය පවරපු නඩුවලින් සාර්ථක වුනේ කීයද කියන කරුණ. කවුද කියල තිබුන ලංකාවේ සාර්ථක නඩු ප්‍රතිශතය 4% යි කියල. මෙතන කොහොමද සාර්ථකත්වය කියල අපි දන්නේ නැහැ, නමුත් ඔය මට්ටමේම ඇති. සරත් ජයමාන්න අධ්‍යක්ෂ ජනරාල් වරයා කොමිසමට පොලිස් නොවන විශේසඥ පරීක්ෂකවරුන් බඳවාගෙන විශාල වැඩපිළිවෙලක් ගෙනයන බව අපි දැක්ක. ඒකනම් ඉතාම හොඳ වැඩක්. හැබැයි, හිටපු ඇමතිලා මන්ත්‍රීලා නෙමෙයි, ඉන්න හොරු කට්ටිය අල්ලන්න තරම් කොමිසමේ කොන්ද හයිය නැත්නම් ඔය එකකින්වත් වැඩක් නැහැ.

:       0       28

sam Monday, 27 August 2018 12:33 AM

එතකොට එෆ් සී අයි ඩී එකෙන් 11 පාරක් එන්න කියලත් යන්නේ නැති රාජිතට මොකද කරන්නේ.

:       0       12

savanth Monday, 27 August 2018 05:16 AM

හිටපු ඇමතිලාට විතරද වැඩ වරදින්නේ. දැන් ඉන්න ඇමතිලාගේ වැඩ ඔක්කොම හොඳද.

:       0       0

Raveendra Monday, 27 August 2018 06:25 AM

දැන් එතකොට හිටපු අය විතරමද වටපිට එළවලු කොටුවලට පැනල බඩ පුරවා ගත්තේ ? දැන් ඉන්න අය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site