සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව නැවත වසර හතර දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලමින් සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි සුරැකීමේ එකමුතුව සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයක් අද (06) කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී පැවැත්විණි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වසරේ කප්පාදුවට එරෙහිව අදත් වීදී බසී
වර්නන් Wednesday, 07 May 2014 07:54 AM
දේශපාලකයන්ගේ මතයන් මම තකන්නේ නැත. රැකියවකට සුදානම් කරන්න අවශ්‍ය වසර ගණන තීරණය කල යුත්තේ එය ගැන දැනුමක් ඇති අය විය යුතුය. කලින් වසර 4 තිබු කමටම එය 4 විම අවශය නැත. කාලයට අනුව වෙනස්කම් කල යුතුව ඇත. එවැනි කොතෙක් දේ වෙනස්වී ඇද්ද. (නදී)
වර්නන් Tuesday, 06 May 2014 07:17 PM
මොවුන්ගේ මෙම ඉල්ලීමෙහි කිසි සාධාරණකමක් නැති බව මහජන අපට වැටහේ. රටට අවශ්‍ය සම සෞඛ්‍ය උපාධි කාල සීමාව තීරණය කළයුත්තේ අදාල අය මිස ශිෂ්‍යයන් නොවේ. වැඩිවන වසරකට මුදල් දරන්නේ මහජන අපිය. රටට අවශ්‍ය පශ්චාත් උපාධි ලැබූ අය බිහි කිරීම නොව, සම සෞඛ්‍ය නිලධාරීන් ලෙස රටට සේවය ලබාගැනීමය. (නි)
සුරානි Tuesday, 06 May 2014 08:21 PM
අනේ වර්නන්, ඔය කොහොමද සාධාරණ ඉල්ලීමක් නෙමෙයි කියන්නේ. ඒකත් පැත්තකින් තියමු. සිවු අවුරුදු උපාධියක් මීට කලින් තිබුණේ.ඒ එහෙම ඕනෑ හින්දනේ. එතකොට ඔය කියන විදිහට ශිෂ්‍යයන්ට අදාල වැඩක් නෙමෙයි උපාධි කාලය තීරණය කරන්න. ඒක තීරණය කරන්න වෛද්‍යවරුන්ගේ සංගමයට තිබෙන අයිතිය මොකක්ද? (නි)
සිසිර Tuesday, 06 May 2014 09:17 PM
මේ ගොල්ලෝ වසරක් අඩු කළාට දගලන්නේ ඒගොල්ලන්ට වර්ජනය කරන්න කාලය මදි හින්දාද? (නි)
වර්නන් Tuesday, 06 May 2014 10:01 PM
සුරානි, වෛද්‍යවරුන්ගේ සංගමයට පමණක් අයිතියක් නොමැති බව ඇත්ත. අදාල වෙනත් කොටස්ද තිබේ. මෙම පාඨමාලාවට වෛද්‍යවරුන්ගේ විශාල දායකත්වයක් ඇති බව සළකන්න. සම සෞඛ්‍ය නිලධාරීන් අවශ්‍ය වනුයේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම සඳහාය. අවුරුදු 3 හෝ 4 උපාධියෙන් ලැබෙනුයේ එකම රැකියාවකි. පශ්චාත් උපාධි ලබාගැනිම සඳහා පමණක් යම් බලපෑමක් තිබිය හැකිද යන්න මම නොදනිමි. එසේ වුවත්, දැන් රටට අවශ්‍ය සම සෞඛ්‍ය නිලධාරීන් ලෙස රටට සේවය ලබාගැනීමය. මම වෛද්‍යවරයෙක් නොවෙමි. (නි)
හිරුජ Wednesday, 07 May 2014 12:41 AM
වර්නන් මහත්තයෝ . මොවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව එස් බී ඇමතිතුමාත් පිලිගත්තා. අවුරුදු 3 දැනුමයි 4 දැනුමයි අතර ලොකු වෙනසක් තියෙනවා. පාසලේ වුවත් ශ්‍රේණි 13 ක් තියෙන්නේ ඇයි. එහනෙම් එයින් දෙක තුනක් අඩු කලොත් ඔබතුමා කියන රැකියාවට සුදුකම් සපුරන්න පුළුවන් වෙයිද? (ස)