IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වසරක් තුළදී එළවළු සහ පළතුරු මිල සියයට 12 කින් පහළ බසියි

prices

 

පසුගිය වසරක කාලය තුළ දේශීය වෙළෙඳපොළේ එළවළු සහ පළතුරු මිල ගණන් පිළිවෙළින් සියයට 12 කින් සහ 4 කින් පහළ බැස තිබේ.


අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එළවළු මිලේ වෙනසක් සිදුව නැති අතර පළතුරු මිල සියයට 1 කින් ඉහළගොස් ඇති බව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.


මැයි මාසයේදී එළවළු ටොන් 11,047 ක් සහ පළතුරු ටොන් 4,248 ක් මධ්‍යම එළවළු වෙළෙඳපොළට ලැබී තිබේ.


මධ්‍යම වෙළෙඳපොළට පළතුරු ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය ඊජිප්තුව වන අතර ඉන් පසුව ඉන්දියාව, ප්‍රංශය, පිලිපීනය සහ සවුදි අරාබිය සිටින බව ඉහත වාර්තාවේ දැක්වේ. එළවළු ප්‍රධාන වශයෙන්ම ඉන්දියාව, ජෝර්දානය, පාකිස්ථානය, සවුදි අරාබිය, ඊජිප්තුව, චීනය සහ දේශීය වෙළෙඳපොළෙන් ලැබෙන බව පැවැසේ.


මැයි සහ අප්‍රේල් මාසයේදී එළවළු සහ පළතුරු මිල ගණන් ගැන විස්තර සපයන ඉහත වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව බොහෝ එළවළු වර්ගවල මිල පහළ බැස ඇති අතර සැපයුම් අඩු වීම නිසා සමහර පළතුරු වර්ගවල මිල ගණන් වෙනස් වී නැත.


පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේදී දේශීය වෙළෙඳපොලේ මාලු මිළ ගණන් සියයට එකකිනුත්, මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 6 කිනුත් පහළ බැස ඇති බවද එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

 



අදහස් (0)

වසරක් තුළදී එළවළු සහ පළතුරු මිල සියයට 12 කින් පහළ බසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site