දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට ආර්ථිකය වෙනුවෙන් මේවන විටි විශාල කාර්ය භාර්යයක් සිදුකරන බව කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් බිලියන 7ක් (රුපියල් බිලියන 1011) පමණ ආදායමක් උපයා දෙන බවත්, දැනට 30,000ක් පමණ ශ්‍රී ලාංකිකයින් එරට සේවය කරන බවත් ශ්‍රී ලංකා තානාපතිනිය සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය ආයතනයක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.
එසේම කොරියාවේ ඇති මෙරට තානාපති කාර්යාලය මගින් නිතරම ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන් සොයා බලන බවත්, මෙරට තානාපති කාර්යාලයය කොරියාව පුරා සංචාරය කරන බවත් ඒ මහත්මිය විසින් එහිදී පෙන්වා දී තිබේ.
කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සකාච්ඡා පවත්වන බවද ඇය කියන්නීය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසරකට බිලියන දහසක් දකුණු කොරියාවෙන් ලංකාවට
පැතුම් මිහිරංග Tuesday, 26 January 2016 03:20 PM
මේ වගේම තමයි ඊශ්‍රායල් වලිනුත් ලංකාවට එන්නේ. ඒත් මේ කොහෙන් කොයි තරම් ආවත් ඒ අයට ලංකාවට ආවහම පෙන්ෂන් එකක්වත් නෑ. ඔවුන් මොන තරම් මහන්සි වෙනවද ඩොලර් හොයන්න. (බ)
හිරු Monday, 25 January 2016 12:51 PM
වසරකට මෙහෙම ලන්කාවට සල්ලි එවන්න මෙහෙ කොල්ලො කන කට්ට ලන්කාවෙ ඉන්න සමහරක්ට තේරෙන්නේ නෑ. කොලලෝ කී දෙනෙක් අත පය නැති කර ගන්නවද. කී දෙනෙක් ගෙ ජීවිත නැති වෙනවද. එහෙම දුකක් විදලා ලන්කාවට ආවම අපෙ උන්ට මොකද්ද තියන ඇගයීම කවදා කාට මේක තෙරෙයිද.. (ර)
ප්‍රභාත් Monday, 25 January 2016 02:04 PM
මෙයාල වෙනුවෙන් ඔවුන්ගෙ අනාගතයට යමක් වෙනවා නම් එක ලොකු දෙයක් . අන්තමට මගෙත් සහොදරයෙක් ඉන්නව කොරියාවෙ එයාට අපිව බලන්නවත් විධියක් නෑ. අනාගතයට හොඳ කරගන්න ඔවුන් මහන්සිවෙනවා. ආන්ඩුවෙන් එයල ගැන සැලසුමක් තිබුනොත් හොඳයි (අ)
චමින්ද Friday, 29 January 2016 01:46 AM
දැන්වත් වාහන පර්මිට් එකක්වත් දෙන්න වටිනවා (නි)