IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසන්ත වෙනුවෙන් සංවිධාන හතක් පෙරට

(විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වුණැයි පසුගිය වසරේ අගෝස්තු මස සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් පවසමින් දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, ආණ්ඩුව අත්තනෝමතික ලෙස මෙම ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයා රඳවා තබාගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් මුදලිගේ රඳවාගෙන දින 140 කට ආසන්න කාලයක් ගතවුවත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (6)

වසන්ත වෙනුවෙන් සංවිධාන හතක් පෙරට

කිරිපුතා Wednesday, 18 January 2023 08:36 AM

මානව හිමිකම් ලේබලයෙන් එන්නෙම ත්‍රස්තවාදීන්ට , මිනීමරුවන්ට ,දූෂකයින්ට ,කඩාකප්පල්කාරීන්ට උඩගෙඩිදෙන රටවල් අස්තාවර කරන්න දත කන ජාත්‍යන්තර සංවිධාන .

:       11       5

Bamunuarachchi Wednesday, 18 January 2023 09:26 AM

මොන සංවිධාන හැදිලා ආවත් ඔක්කොම් ජෙප්පෝ තමයි. වසන්ත කියන්න අතීතයේ ඉඳලාම ජෙප්පන් වෙනුවෙන් විශවවිද්‍යාල පීඩිතයින් මෙහෙයවපු හාදයෙක්. මෙයාගෙන් රටට වැඩක් නැහැ. ඒ නිසා හැමදාම බන්දනාගාරයේ හිටියා කියල අපිට පාඩුවක් නැහැ.

:       12       6

fairoosWednesday, 18 January 2023 12:43 PM

මේ වගේ අයට රටට හෙණ ගැහුවත් කමක් නැහැ... තමන්ගේ නායකයා බලයේ ඉන්න ඕනේ...

:       0       3

Bamunuarachchi Wednesday, 18 January 2023 08:29 PM

අපිට බලයේ ඉන්න නොවෙයි ඕනේ.. ජෙප්පන්ට බලය නොදෙන්න...

:       0       0

BamunuarachchiThursday, 19 January 2023 11:00 AM

ලොකුම හෙනේ හැමබයෝ මේ රටේ ඉන්න එක.

:       0       0

Sunil Wednesday, 18 January 2023 10:25 AM

පස් වතාවක් ජනතාව ඉහලින්ම ප්‍රතික්ෂේප කල රනිල්ගේ රජය යටතේ මානුෂික නිදහස, මූලික අයිතිවාසිකම් වල පල්ලට ගොස් හමාරයි.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site