IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසන්තය උදාවුණේ සිකුරු වසන්තයෙන්

 

 

කවීෂා පාසල් යන කාලයේදී ක‍්‍රීඩා ශූරියක වූ ඔබ අද නිළියක වුණේ කොහොමද?
ඇත්තටම වලල මධ්‍ය මහා විද්‍යාලයට මම ඇතුළත් වුණේ ක‍්‍රීඩා අංශයේ දක්ෂ වූ නිසාමයි. නමුත් මගේ එකම අයියාගේ වියෝව සහ ගෙදර අය නිතර මතක්වීමත් එක්ක මට තනියම නේවාසිකාගාරයේ ඉන්න හිතදුන්නෙ නැහැ. පසුව නැවත මාතලේ විජය විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ දවස්වල අරමුණ වුණේ ක‍්‍රීඩා අංශයෙන් ඉදිරියට යාමටයි. දෙමාපියන් සහ අපේ නැන්දා කිව්වෙත් ඒ අංශය තෝරාගන්න කියලයි.

 
 
 
 


එහෙව් වූ ඔබ රඟපෑම තෝරා ගත්තෙ?
මොන දේ කළත් කුඩා කාලයේ ඉඳලම හිත තිබුණෙ රඟපෑම් අංශයටයි. ඒ දිනවල ”මුතු කිරිල්ලි” විකාශය වෙද්දී මටත් රඟපාන්න ඇත්නම් කියලා හිතුවා. කොහොම වුනත්, උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනීම් කරන්න පෙර සිරස තරුමංසල වැඩසටහනට දායක වුණා. නේත‍්‍රා තරුමංසල ජනප‍්‍රියම තරුව ලෙස තේරුණේ මම.

 


ඇයි රඟපෑමටම ආසා කළේ?
ඒක ඇත්තටම හීනයක් වගේ දෙයක් වුණා. සිරසෙ තරුමංසල නිසා බොහෝ දෙනෙක් හඳුනා ගන්න ලැබුණා. සිරසෙ මම දන්න කියන අයියා කෙනෙක් දවසක්දා නිවේදිකාවන් තෝරා ගන්නා අවස්ථාවක් ගැන මට කිව්වා. එක්තරා අවස්ථාවක මාව සිරස වැඩසටහනකට තේරුණා. ”දොලොස්මහේ පහන” සහ ඉවුම් පිහුම් ගැන වැඩ සටහන් ඉදිරිපත් කළා. ඒ විදියට තමයි මේ ගමන ආරම්භ වුණේ.

 


”කෝරළේ මහත්තයා”පළමු ටෙලි නාට්‍යයද?
නැහැ, පළමු වරට රඟපෑවේ සිකුරු වසන්තය නාට්‍යයේ. ඊළඟට තරු අහසට ආදරේ සහ මේ සුරම්‍ය පාරාදීසය නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය තුනම විකාශය වුණේ ජාතික රූපවාහිනියේයි. නමුත් ප‍්‍රධාන චරිතයක් ලැබුණෙ පද්මසිරිකොඩිකාර මහතා අධ්‍යක්ෂණය කළ ”කෝරළේ මහත්තයා” ටෙලිනාට්‍යයේයි. එහි මුතු කියන්නෙ මම ගොඩක්ම කැමති චරිතයක්.

 


ඇයි ”මුතුට” කැමති?
ඒ චරිතය ගොඩක් වෙනස් චරිතයක්. දෙමාපියන් නැතිව අක්කා සහ අයියා සමග ජීවත්වන ගමේ දුප්පත් චරිතයක්. සමහර වෙලාවට එයාට කන්නවත් ලැබෙන්නෙ නැහැ. අයියා ”පිනා” සතයක්වත් හම්බ කරන්නෙත් නැහැ.

”පිනා අයියා උන්නැයි කියලා තඹ දොයිතක පලක් ඇතෑ, අක්කණ්ඩි නොවැ හැමදේම කරන්නෙ” වෙලාවකට මම එහෙමත් කියනවා. මුතුට කවි කියන්නත් තියෙනවා. ඒවාට මම හරි ආසයි.

 


ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය ගැහැණු ළමයකුට සුදුසු තැනැක්ද? ඒ පරිසරය හොඳද නරකද? ඔබට දැනෙන්නෙ කොහොමද?
අලූත් කෙනෙක් මේ ක්ෂේත‍්‍රයට එන්න  ඕනෑ නිවැරදි මග පෙන්වීමක් යටතේයි. එහෙම වුනාම දිගු ගමනක් යන්න පුළුවනි. වෙන වෙන දේ නිසා සමහර උදවිය ආසාවට මෙතැන ලෙහෙසි තැනැක් කියලා හිතන්න පුළුවනි. නමුත් රඟපෑමට දක්ෂතාවය නැත්නම් රැුඳෙන්න බැහැ. දක්ෂතාවය අනුව ගමනක් යන්න පුළුවනි. කොහොම වුනත් මේ ක්ෂේත‍්‍රයේ හොඳ පිරිසක් ඉන්නෙ.

 


ජනප‍්‍රියත්වය සොයාගෙනම එන අයත් සිටිනව නේද? ඒ විදියට ඇවිත් අන්තිමට අත දීපු මාධ්‍යයටත් ගරහනවා නේද?
එහෙම අය සමහර විට ඇති. නමුත් මම නම් කියන්නෙ නිළියක යන වචනය අපි අරුත්බර කළ යුතුයි. නිළියකට ඉවසීම, ගරුත්වය නිහතමානීකම ඒ සියල්ල තිබිය යුතුයි.

 


මොන දේ හෝ නිසා ජනප‍්‍රිය වන සමහර අය පසුව දේශපාලනයටත් එනවා. ඔබට දේශපාලනය කරන්න හිතුණොත්?
දේශපාලනයට ආවා නම් එහෙම වෙලා තියෙන්නෙ වාසනාව මතයි. උත්සාහය වාසනාව ඊට බලපානවා.

 


දේශපාලනය නොදැන වාසනාවට පාර්ලිමේන්තු යන එක හොඳද? නරකද?
දැනගෙන යාම හොඳයි. ඒත් ලොකු වාසනාවක් නැතිව ඒ තැන ලැබෙන්නෙ නැහැ. ඒකට බලයක් තියෙන්නත්  ඕනෑ.

 


ජනප‍්‍රියත්වය වරප‍්‍රසාදයක් කියලද ඔබ හිතන්නෙ?
නැහැ. කලාවට මම පොඩි කාලයේ ඉඳලාම ආදරෙයි. කලාව හරියට ජීවිතය වගෙයි.

 


”කෝරළේ මහත්තයා” නාට්‍යයේ වගේ සපුමල් බණ්ඩාර කෙනෙක් ඔබට ලැබිලා නැද්ද?
මගේ හිතේ ඇඳිච්ච සපුමල් බණ්ඩාර කෙනෙක් ඉන්නවා. අනාගතයේදී එයා ලැබේවි.

 

 

 

 



අදහස් (0)

වසන්තය උදාවුණේ සිකුරු වසන්තයෙන්

මොහාන් Thursday, 22 August 2013 10:21 AM

මොකද මෙයා හැම පින්තුරේම අත උස්සගෙන ඉන්නේ දඬුවමක් දීල වගේනේ (දී)

:       0       0

ලන්කපුත්‍ර Friday, 23 August 2013 03:42 PM

මොහාන්, රේසර් වෙළඳ ප්‍රචාරණය.(නදී)

:       0       0

දිනූෂා Thursday, 29 August 2013 03:28 PM

කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයේ රගපෑම ඉතා සතුටුදායකයි. සුභ අනාගතයක්. (ස)

:       0       0

සෙන්තිල් Sunday, 01 September 2013 03:08 AM

මෙයා හැම පින්තූරයේම අත් උස්සගෙන ඉන්නේ ඇයි? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 22 August 2013 06:11 PM

තුන්වැනි ඡායාරූපය ඉතා අගෙයි (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 03 September 2013 09:52 PM

නගා හැඩවෙලා.. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site