බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වු වාස් ගුණවර්ධනට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේදී තවත් නඩුවක් අද (23) පැවරිණි.
එම ඝාතන පරීක්ෂණ කළ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු රහස් පොලිස් කණ්ඩායමට මරණ තර්ජන එල්ල කළැයි ඔහුට විරුද්ධව මේ නඩුව පවරා තිබේ .
ලබන 26 වැනිදා ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරීට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස්ට තවත් නඩුවක්
නිල්මිණි Friday, 23 August 2013 02:34 PM
මෙයාල හිතාගෙන හිටියේ යුනිෆොර්ම් එක ඇගට දා ගත්තම ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා, මේවා හොද පාඩම් අනිත් නිලදාරින්ට.(නදී)
නීලා Friday, 23 August 2013 02:37 PM
මුළු රටේම අපරාද අල්ලපු ඔබ තුමාට මේ සිද්ද වුනු දේ ගැන නම් හිතාගන්නවත් බෑ,ඒත් වරදක් කලානම් ඒකට දඩුවම් විදින්නම වෙනවා. ඒත් තාම සැකකරුවෙක් විතරනේ. ඔබ තුමා රටට මහත් සේවයක් කරපු පොලිස් නිලධාරියෙක් ඒ සේවය අගය කරමි.(නදී)
උපාලි Friday, 23 August 2013 02:45 PM
අපි අහල තියෙන හැටියට කීර්තිමත් නමක් දිනාගත් නිලධාරියෙක් ශානි අබේසේකර. රේගු නිලධාරී සුජිත් පෙරේරාගේ මිනීමරුවන් ඉතා දක්ෂ ලෙස කොටු කරගත්තෙත් ඔහු. මෙතෙන්දි මට මතක් වෙන්නේ තවත් කීර්තිමත් නිලධාරියෙකු වූ සමුද්‍රජීව මහතාට මරණීය තර්ජන කරපු ලොකු නිලධාරියෙකුට හිරේ යන්න වුන හැටියි. (දී)
කුමාර Sunday, 25 August 2013 05:47 PM
දේශපාලකයන්ට රජයේ නිලධාරීන් ඕනවට වඩා කිට්ටු වී වැඩ කිරීමෙ ආදිනව (දී)
පිටිගල Friday, 23 August 2013 03:58 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හපොයි අපි මොනවා කරන්නද? (ස)
ගාමිනි Saturday, 24 August 2013 12:03 PM
කරනකලට පව් මිහිරිය මි සේ
ලාරා Friday, 23 August 2013 05:37 PM
එයාගෙන් වැඩ අරන් දැන් අයින් කරලා වගෙයි (නි)
පිටබැද්දර ජයා Friday, 23 August 2013 06:37 PM
ලාරා, බලය තිබුන පලියට ඒක පාවිච්චි කළහම ඔහොම තමා. බලන්නකෝ වැලිවේරියේ පට පට ගාලා වෙඩි තියපු කට්ටියට මොකද වෙන්නේ කියලා. කරපු පවු වලට වන්දි ගෙවන්න වෙනවාමයි (නි)