බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු ගුණවර්ධන රටින් බැහැර වීමට ඉඩ ඇති හෙයින් එය වැළැක්වීමට පියවර ගන්නැයි රහස් පොලීසිය අද(30) කොළඹ කොටුව අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඔහුට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකට නියෝග කළේය.
රවිදු ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකි.
වාස් ගුණවර්ධන මහතා ද මේ නඩුවේ සැකකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස්ගේ පුතුට රටින් පිටවීම වලක්වයි
සිල්වා Tuesday, 30 July 2013 05:47 PM
ඇත්තටම දැන් ඔහු කොහේද ඇත්තේ? (නි)
නිමල් Tuesday, 30 July 2013 06:03 PM
ඔව්... කොහෙද ඇත්තේ ඔහු? නිසැකයෙන්ම ඇති කොහේ හෝ. අහුවේවි කවදා හරි. කවදාවත් වැරදි කර සැගවෙන්න බැහැ (නි)
දම් Wednesday, 31 July 2013 01:54 PM
ඔය වැඩ හරියට කරන හැටි පොලිසියේ පොඩ්ඩොත් දන්නවා. (නි)
නිල්මිණි Tuesday, 30 July 2013 06:30 PM
ඔහු නිවැරදි නම් ඇයි හැංගිලා ඉන්නේ? (නි)
ඩෑන් Wednesday, 31 July 2013 09:17 AM
මොකක්හරි පක්ෂයක එල්ලුනා නම් හරි... (නි)
චන්දි Wednesday, 31 July 2013 10:39 AM
දැන් පොලිසියට වෙලා තියෙන්නේ රටේ ලොකු ලොකු තනතුරු දරන අයගේ රාජකාරි කටයුතු කරන්න මිසක් දුගී දුප්පත් මිනිසෙකුගේ රාජකාරියක් කරන්න නෙමෙයි. (නි)
රූපවති Tuesday, 30 July 2013 08:45 PM
වැරදි කරුවෙක් නම් ..? මෙලහටත් රටින් පිටවෙලා ඇති . දැන් එයා සිංගප්පුරුවේ ඇති...? හුගක් වැරදිකරුවෝ නීතියෙන් බේරිලා නවාතැන් ගන්න යන්නේ මෙහාට මයි ..? (අ)
දුමින්ද Tuesday, 30 July 2013 09:40 PM
වැරදි කළ නිසායි හංගන්නේ (අ)
ජයන්ත Tuesday, 30 July 2013 10:01 PM
වාස් වෙනුවන් ගුණ කියපු අය කෝ? (නි)
පවිත්‍ර Wednesday, 31 July 2013 11:42 AM
නිවන්තිඩිය ගමේ අපේ වොලිබෝල් පිට්ටනිය සම්බන්ධ නඩුවකුත් තවම විභාග වෙමින් පවතිනවා (නි)
දයා අළහකෝන් Wednesday, 31 July 2013 11:45 AM
නමුත් වෙනත් නමකින් ඔහුට රටින් පිටවෙන්න අවකාශ සළසා ගන්න පුළුවන් නේද? (නි)
චානක. Tuesday, 30 July 2013 11:01 PM
දැන් මේ නීති විරෝධීව හැංගෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කළ ඉහළින්ම සිටි ප්‍රධානියෙකුගේ පුතෙක් නේද කියලා හිතන්නේ කොහොමද? (නි)
රූපවතී Wednesday, 31 July 2013 04:58 PM
අර වටිනා පින්තූර දෙකත් රටින් පිට කරන්න එපා කිවුවා. අර මතක නැතිකෙනාත් ලංකාවෙන් පිට වුණාට පසුව අත් අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කළාලු නේද ..? අපේ රටේ ආරක්ෂාව දෙන්නෙත් විශේෂ තැන් වලට ඒවායේ තිබෙන දේවල් හොරු ගෙනගියවිටයි. (නි)
ලලිත් Wednesday, 31 July 2013 12:22 AM
එහෙනම් ලඟදි රට ගිහින් එන්න ඇති? (අ)
උපාලි Wednesday, 31 July 2013 06:37 AM
මං කියන්නෙ නැහැ වාස් එලියට දැමිය යුතුයි කියලා. නමුත් අර දැරණියගල ලොක්කා කොහොමද කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ? සබරගමුවේ දෙවි කෙනෙක්ගේ අනුහසින්ද? (නි)