
(ආරියරත්න රණබාහු)
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
ඊට අමතරව දිවයින පුරා වෙසක් කලාප 419 ක් දතොරණ 321ක් සහ වෙනත් උත්සව 1090ක් දසංවිධානය කර ඇති බව හෙතෙම කීය.
දිවයින පුරා විහාරස්ථාන 219කට විශේෂ ආරක්ෂාව යොදන බවකි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන් විහාරස්ථාන 14ක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද පැවසීය.
වෙසක් සමයේදී ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18000 යොදවන අතර මේවන විට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 275ක් සේවයේ යෙදුවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රථම වතාවට ප්‍රජාපොලිස් ඒකකයේ සාමාජිකයන් 20750ක සංඛ්‍යාවක් මෙම කාලයේදී සේවයට යොදවන බවද කී මාධ්‍ය ප්‍රකාශකවරයා ත්‍රිවිධ හමුදාවේ 1250ක පිරිසකගේ සහාය ලබා ගැනීමට සූදානම් කර ඇති බවද පැවසීය.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි






2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් සමරන්න රටපුරා දන්සල් 5.000ක්: තොරණ 320