
( සිතුම් චතුරංග)
මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළිවළක තිබි කාලතුවක්කු සඳහා යොදාගන්නා මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක් භාවිතා නොකළ වැසිකිලි වළක් ඉවත් කිරීම සඳහා ඉඩම් හිමිකරු විසින් සූදානම්වූ අවස්ථාවේ ඒ තුළ තිබූ මෝටාර් උණ්ඩ තොගය දැක ආරක්ෂක අංශ දැණුවත් කොට ඇති බවද පොලිසිය පැවසීය.
මුලතිව් පොලිසිය විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් වැසිකිලි වළේ තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබීය.
එම වැසිකිළි වළෙහි තිබි මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර 81 වර්ගයේ පැරා උණ්ඩ 13ක් , විදේශ රටක නිශ්පාදිත එම් 75 වර්ගයේ අත්බෝම්බ 56 ක්, ටි.56 වර්ගයේ උණ්ඩ 2000ක් මිලිමීටර 60 වර්ගයේ පැරා උණ්ඩයක් , පැරා මෝටාර් චාජර් හා ආර්.පි.ජි වර්ගයේ උණ්ඩ හයක් සොයාගත් බව පොලිසිය පැවසීය.
යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය වැසිකිලි වළටදමා යන්නට ඇති බවත් පොලිසිය සැකපලකරති.
සොයාගත් පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් දිරාපත්ව තිබූ අතර මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසිකිළි වළකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
sena Tuesday, 11 July 2023 12:28 PM
ජාතික ආරක්ෂාව අනතුරේ කවුරු හරි දියසේන කුමාරයෙක් අවශ්‍යයි රටේ බේරගන්න.