(සුමිත් පොතුපිටිය)
වස්කඩුවේ ලී මෝලක මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට අපනයනයට සූදානම් කරන පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
වස්කඩුව ගාලුපාරේ නිවසක් පිටුපස පවත්වාගෙන යන ලී මෝලේ ලී පදම් කරන බොයිලේරුව සහිත කොටසේ ගින්න හටගෙන ඇත.
සිද්ධිය සැලවීමත් සමගින් කළුතර නගර සභාවේ ගිනි නිවන භටයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ විනාඩි 45 ක් වැනි කාලයකදී ගින්න පාලනය කලද එහි ගබඩා කර තිබූ පැලට් ලෑලි සියල්ල විනාශවී ඇති අයුරු දැකගත හැකිවිය.
ගින්නට හේතුව නිශ්චිත වශයෙන් සදහන් කළ නොහැකි බව කළුතර නගර සභා ගිනි නිවන ඒකකය සදහන් කරන අතර , හානිය මෙතෙක් ගනන් බලා නොමැත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වස්කඩුවේ ලීමෝලක් ගින්න