IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දිගටම

(අංජුල මහික වීරරත්න)

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පරිච්ඡින්න කළ යුතු බවට 2024-03-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී තීරණය කරනු ලැබ තිබේ.

එහෙත්, එකී පනත පරිච්ඡින්න කිරීමත් සමඟ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අදාළ වන භාණ්ඩ ආනයනය කිරීමේදී එකතු කළ අගය මත බද්ද ඇතුළුව අනෙකුත් බදු අදාළ වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳ පොළ මිල කෙරෙහි සිදුවිය හැකි බලපෑම සහ දේශීය ගොවීන් සඳහා පහසුකම් සැලසීමේ රජයේ ප්‍රතිපත්තියට ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. 

එබැවින්, එකී බද්ද පරිච්ඡින්න කිරීම සඳහා වන 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකිරීමටත්, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් වන භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනු ප්‍රමාණ 2025-01-01 දින සිට බලාත්මකව පවත්වා ගෙන යාම පිණිසත් අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site