IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගය ලබන සතියේ

 

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයගේ නිරුවත එහිදී හෙළි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අන්තර්වාර ආණ්ඩුව සූදුවක් බවත් සමගි ජන බලවේගය ඊට එකඟ නැති බවත් විපක්ෂනායකවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුවට එරෙහි විරෝධතා පා ගමන යක්කල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 



අදහස් (2)

විශ්වාසභංගය ලබන සතියේ

gamunu Sunday, 01 May 2022 10:21 PM

අන්තර්වාර ආණ්ඩුව සූදුවක් නම් රට දැඩි ආර්ථික අර්බුදයක පවතින, ජනතාව අසරණව සිටින අවස්ථාවක රට වෙනුවෙන් වගකිවයුතු රටේ විපක්ෂ නායකවරයා වශයෙන් ඔබගේ කණ්ඩායම සමග ඉදිරියට පැමිණ පළමුව ආණ්ඩුවක් පිහිටුවන්න. ජනාධිපති තනතුරට තරගකාරීව පැරද වූ ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායම මහ මැතිවරණ වේදිකාවේ කියාසිටියේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තීන් අතර කිසිඳු වෙනසක් නොමැති බවත් මහ මැතිවරණයෙන් පසුව ගෝඨාභය සමග ආණ්ඩුවක් පිහිටුවන බවත් නොවේද? රටේ දැවෙන ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන්න. ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදීමට පෙර දෙවරක් සිතන්න. එනම් ඔබගේ පියාට විරුද්ධව ලලිත් ගාමිණී විශ්වාසභංග යෝජනාව ගෙන ආ අවස්ථාවේ ඔබගේ පියා එය පරාජය කළ ආකාරයට ගෝඨාභය ජනාධිපතිවරයාටද විශ්වාස භංගය පැරදවීමට හැකියාව තිබේ. ඔබ ඔබගේ පියා අනුගමනය කරන්නේද එසේ නොමැතිනම් ඔබගේ පියාට විරුද්ධව සිටි ලලිත් ගාමිණී කණ්ඩායම මෙන් විශ්වාසභංගයෙන් ක්‍රියා කරන්නේද කියා ඔබගේ දේශපාලන ගුරුවරයා සහ ඔබව දේශපාලනයට ගෙනෙන ලද රනිල් වික්‍රමසිංහ ඔබගේ හිටපු නායකතුමාගෙන් දුරකථන ඇමතුමක් ලබාදී කළ යුතුදේ කුමක්ද කියා උපදෙස් ලබාගන්න.

:       0       0

චන්දන Monday, 02 May 2022 07:23 AM

බාලගිරි දෝෂයක්... මෙයා ඇනගන්න හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 258 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 441 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site