IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විශ්වවිද්‍යාල ශිෂ්‍ය කප්පාදුවක්?

මේ වසරේ විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේ දී ශිෂ්‍ය කප්පාදුවක් කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර පැවසීය.

ඒ අනූව දැනට පාඨමාලා කිහිපයක් සඳහා බඳවාගෙන ඇති පේරාදෙණිය, වයඹ, රජරට, සබරගමුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය පුරප්පාඩු 1412 ක් පවතින බව ඔහු කීවේය.

පීඨ දෙකක් සඳහා බඳවා ගැනීම් සිදු කර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු 157 ක්, වයඹ විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍ය පුරප්පාඩු 275ක්, රජරට විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු 265 ක්, සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ175 ක්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු  195 ක් ආදී  වශයෙන් එම පුරප්පාඩු 1412 පවතින බව ඔහු කීවේය.



අදහස් (0)

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කප්පාදුවක්?

ගයාන් Tuesday, 02 February 2016 02:25 AM

ඕක ඇතුළේ ඉන්න අය ඕවා ගැන හොයන්නේ නැතුව ලලිත්, ඔයාද ගිහින් හොයන්නේ? (නි)

:       0       0

සමිත් Tuesday, 02 February 2016 02:37 AM

බඩවියත, තාන්න මාන්න වලට රට ජාතිය සහ ප්‍රතිපත්ති පාවා දුන්න අය ඉස්සර කාලෙත් හිටියා. ඒ පරපුරේම අය අදත් ඒ දෙය කරනවා, තාක්ෂණය භාවිත කරමින්. අන්තර් විශ්වි ද්‍යාලයේ කැඳවුම්කරු පත්කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩිම මනාපයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට. එක්තරා ආකාරයකට ෆෙඩරල් ක්‍රමයක් වගේ දෙයක් අනුව. දරුවා, ඔබ ඔබගේ කාර්යය ඉටු කරන්න. (නි)

:       0       0

හිමාල් Tuesday, 02 February 2016 03:28 AM

බඳවා ගන්න සිසුන් ප්‍රමාණය යෝජනා කරන්නේ අදාළ සරසවිය. එයාලට තියෙන පහසුකම්, වෙළෙඳපොළ ඉල්ලුම වගේ දේවල් බලලා. සමහර පාඨමාලාවලට ළමයි බැ‍ඳෙන ගානෙන් භාගයක් විතර අතහරිනවා. (නි)

:       0       0

ලලිත් Monday, 01 February 2016 04:52 PM

පුදුමාකාර වැඩ ගොඩක්නේ මේ ලහිරුට තියෙන්නේ. රාජකාරි වැහිවැහැලා. එහෙන් කැඳවුම්කරු, මෙහෙන් විශ්ව විද්‍යාල වල බඳවා ගැනීම් පරීක්ෂා කරනවා. (නි)

:       0       0

ඩබ්.ජනිත් Tuesday, 02 February 2016 07:50 AM

උපුල්, නිදහස් අද්යාපනයේ වටිනාකමක් නොදන්නා නමුත් ඒ නිදහස් අද්යාපනයෙන් ගොඩගිහින් දැන් එකට ගරහන කෙනහිලන්ගේ ගොධේ ඉන්න තමුන්ලා වගේ අයට බෑ ලහිරුල වගේ අයගේ ගමන නවත්තන්න. (ර)

:       0       0

ඩී.උපුල් Tuesday, 02 February 2016 05:16 AM

මෙම පාඨමාලා හැකිතරම් කප්පාදු කොට විශ්ව විද්‍යාල තුලම මුදල් අයකරන පාඨමාලා හඳුන්වා දිය යුතුයි. එවිට ඔය පාරට බැහැල කරන කෝලම් නවතීවි. (බ)

:       0       0

ඩී.උපුල් Tuesday, 02 February 2016 02:14 PM

ලහිරුල වගේ අය රටට ජාතියට බරක්. මෙයාලට ඉගෙනගන්න වෙලාවක් නැහැ දේශපාලන කටු කනවා හැරෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site