IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විශ්‍රාමිකයන්ට තුන්දහසක දීමනාවක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට අද (24) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත විශ්‍රාමිකයන් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.



අදහස් (5)

විශ්‍රාමිකයන්ට තුන්දහසක දීමනාවක්

chandima Thursday, 25 July 2024 03:27 AM

ඩොලර් කෝටි ගණන් වලට විදලා ඩොලර් තුන ගානේ මිනිස්සුන්ට බෙදන්න යන්නේ ?නිකන් නෙමෙයි ඉස්සරහට අවුරුදු ගානක් සුද්දෙ දෙන්න චන්දෙත් ඉල්ලලා

:       0       0

Ahinsaka Thursday, 25 July 2024 08:56 AM

චන්ද්‍රිකා ආණ්ඩුව පත්වීමෙන් පසුව එවකට පැවති ලිපිකරු සේවය සදහා බරපතළ ලෙසට වැටුප් විෂමතා ඇතිකරමින් කටයුතු කල අතර මහින්ද ලොක්කො එය 2006 වැටුප් චක්‍රලේඛ මගින් උසුලාගන්න බැරි ආකාරයට විෂමතා ඇතිකලා .ඒ නිසා දැනට විශ්‍රාම ලබා සිටින ලිපිකරු සේවයේ හිටපු පළමු ශ්‍රේණියේ හා විශේෂයෙන් අධිශ්‍රේනියේ හිටපු අයට එකම කාර්‍යාලයේ හිටපු කාකාස තනතුරු දැරූවන්ට වඩා අඩු විශ්‍රාම වැටුප් ලබන්න වෙලා තියෙනවා. දේශපාලන හිතවතුන්ට පුද්ගලික වනසේ වැටුප් දුන්නාට විශාල පිරිසක් කුඩම්මාගේ සැලකිල්ල වත් නොමැතිව සිටීම ගැන අවධානයට යොමුවේවා

:       0       2

Rohana Thursday, 25 July 2024 09:24 AM

ඔන්න ඡන්දෙ කිට්ටුවෙනකොට විශ්‍රාමිකයිනුත් මතක්වෙලා. සැප්තැම්බර් දෙනවයි කියන්නේ මේ දවස්වලම දුන්නොත් ඡන්ද අල්ලසක් වෙයි කියල බයට වෙන්න ඇති. ලැබෙන්නෙ සැප්තැම්බර් නම් ඒක අතට ලැබෙනකම් විශ්වාස කරන්න අමාරුයි.

:       5       3

Bunny Preena Thursday, 25 July 2024 09:27 AM

ලැබෙන දේවල් ස්තුතියි කියලා ගන්න.ඔබගේ දරුවන්ගේ ,මුණුපුර මිනිපිරියන්ගේ අනාගතය ගැන හිතලා ඔබලාගේ වටිනා චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න

:       1       15

ජගත් ලියනගේ Thursday, 25 July 2024 05:42 PM

දෙනවයි කියන්නේ චන්දේ ඉවර උනාම නේද ? එතකොට දෙන්න විදියක් නැහැයි කියන්නත් බැරි නැහැනෙ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site