(සිතුම් චතුරංග)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය (ජනනායක තමිල් තේසිය කූටනි) සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයෙන් වවුනියාව මහනගර සභාව වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය ජයග්‍රහණය කළ අතර ඔවුනට බලය පිහිටවීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශිය සභාව , වවුනියාව වෙන්ගලචෙට්ටිකුලම ප්‍රාදේශිය සභාව සහ වවුනියාව උතුර ප්‍රාදේශිය සභාවන් හි බලය පිහිටුවීම සඳහා සිය පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය එකඟව කටයුතු කරන බවත් සඳහන් කළේය.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි. සත්‍ය ලිංගම් මහතා එලෙස පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ වවුනියාවේ පැවති සකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
වවුනියාවේ බලය අල්ලන්න දෙමළ පක්ෂ දෙකක් එක් වෙති