IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වව්නියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමේ සූදානමක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වව්නියාව ගුවන් හමුදා කදවුර ඉවත් කිරීමේ සූදානමක පවතින බැවින් ඒ පිළිබද තොරතුරු කඩිනමින් දෙන ලෙස  ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු  නිලධාරිවරයාට ලිපියක් යොමු කළ බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පැවසීය.

එම සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලකගේ අත්සනින් යුතුව එම ලිපිය යොමු කළ බවත් වව්නියාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිහිටි ඉඩම් නිදහස් කරන ලෙසට කිසියම් හෝ පුරවැසියෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇද්ද,මෙරට සේනාධිනායක වශයෙන් වව්නියාව ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩම් මුදාහැරීමට ආරක්ෂක ලේකම්වරයාට, අගමැතිට, විෂය භාර අමාත්‍යවරයාට, ගුවන් හමුදාපතිවරයාට ජනාධිපතිවරයා නියෝග දී තිබේද යන්න පිළිබද එම ලිපිය විමසූ බවත් එම සංවිධානය කීය.


එම ගුවන් හමුදා කඳවුරට අයිති ඉඩම් අක්කර හෝ හෙක්ටයාර ප්‍රමාණය කොපමණද යන්න තොරතුරු දෙන ලෙස ද වැඩිදුරටත් ඉල්ලීම් කර බවද එම සංවිධානය සඳහන් කළේය. 



අදහස් (1)

වව්නියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමේ සූදානමක්

Sugath Dissanayaka Friday, 18 July 2025 02:19 PM

වව්නියාව ගුවන් හමුදා කඳවුර කියන්නේ ගුවන් හමුදා කඳවුරක් විතරක් නොවෙයි. ගුවන් තොටුපලක්. ඒක එහෙම අයින් කරන්න පුළුවන් කඳවුරක් නොවෙයි. මේ මිනිස්සුන්ට පිස්සු....

:       4       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site