IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වවුනියාවේත් සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මියගිහින්

(සිතුම් චතුරංග)

වවුනියාව, ඊරට්පෙරියකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) සවස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊරට්පෙරියකුලම පොලිසිය කියයි.

පාසල් සිසුන් සිව් දෙනෙකු සවස් කාලයේ දිය නෑම සඳහා ඊරට්පෙරියකුලම වැව වෙත පැමිණ ඇති අතර දිය නාමින් සිටියදී සිසුන් දෙදෙනෙකු එකවර දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. 

එලෙස දියේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ වවුනියාව තේක්කවත්ත පදිංචි නදීශාන් නිදුසර (14) සහ කාර්තන් කයිලාෂ් (16) නැමති පාසල් සිසුන් දෙදෙනකු ය.

පොලිසිය පැවසූයේ මියගිය සිසුන් දෙදෙනා දියේ ගිලෙන අවස්ථාවේ ඔවුන් සමඟ සිටි අනෙක් දරුවන් දෙදෙනා පිහිනාවිත් දිවි බේරාගෙන ඇති බවය.

දියේ ගිලී අතුරුදහන්වූ දරුවන් දෙදෙනා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්‍ර ෙද්ශවාසීන් පැය දෙකකට ආසන්න කාලයක් වැව තුල සෝදිසි මෙහෙයුම් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන්ෙග් සිරුරු සොයාගෙන තිබේ. 

මියගිය ළමුන් දෙදෙනාගේ සිරුරු ගොඩට රැගෙනඒමෙන් අනතුරුව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එනු ලැබීය.

සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්රාැත් පරීක්ෂණයෙන් අනතරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

 වවුනියාව ඊරට්පෙරියකුලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (0)

වවුනියාවේත් සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 570 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site