
බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා සටන පවතින්නේ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) ලිස් ට්‍රස් අතරේය.
රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් සහභාගී වූ සජීවී රූපවාහිනී විවාදයක් බි්‍රතාන්‍ය ‘ද සන්’ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. රූපවාහිනී විවාදය මෙහෙයවීම කර නිවේදිකාව වූයේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක ද වන කේට් මැකැන් ය.
රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් අතර විවාදය උණුසුම් වෙද්දී, කේට් මැකැන් හිටිහැටියේ සිහිසුන්ව ඇද වැටුණාය. ‘දෙවියනේ’ යැයි කියමින් ලිස් ට්‍රස් කම්මුලේ අත ගසා ගනිද්දී, රිෂී සුනාක් වහා වෙත ගොස් ඇගේ අතකින් අල්ලා ගනිමින් ඇයට සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය.
රූපවාහිනී විවාදය තාවකාලිකව අවසන් වූ අතර මිනිත්තු 45 කට පමණ පසු රිෂී සුනාක් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කළේ ‘සුබ ආරංචියක්. කේට් මැකැන් හොඳින්’ යැයි පවසමිනි.
(ද සන් ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවාදය අතරතුරේ නිවේදිකාව සිහිසුන්