IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැලි ඡාවාරමක් නවත්වන්නැයි ජල ටැංකියකට නඟියි

 

(නිමල් ජයරත්න )

වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්‍රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්‍යාපෘතියෙන්  මඩ සියල්ල එම වැවට මිශ්‍රවීම හේතුවෙන් පවුල් 500කට පමණ මඩවතුර බීමට සිදුව ඇති බවට පවසා විරෝධය පළ කරමින්  මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.

මෙලෙස මාරන්තික උපවාසයකින් නිරතව සිටින්නේ වැලිකන්ද මහවැව ගම්මානයේ 38 වියැති  තිදරු පියෙකු වන එච්.ජී.ඒ. සම්පත් කුමාර යන අයයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින එම කළුදියවැව ආශ්‍රිතව මීට මාස දෙකකට පමණ ඉහතදී යම් කණ්ඩායමක් විසින් මඩ සෝදා ඉන් වැලි  ලබා ගැනීමේ ව්‍යාපෘතිය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බව ඔහු කියයි.

වැවේ වතුර පානය කරන පවුල් 500 ක පමණ පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසක්  දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බවත්,ඒ පිළිබඳව ලිඛිත හා වාචිකව සියලු බලධාරීන් දැනුවත් කළද ඊට කිසිදු විසඳුමක් නොමැති නිසා තම ගම්මානයේ ජීවත්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් එම ව්‍යාපෘතිය නතර කරන තුරු තමන්  මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර බව සම්පත් කුමාර මහතා අප සමග සඳහන් කළේය.

වැවට මිශ්‍රවී ඇති මඩවතුර නිසා තම ගම්මානයේ පාසල් දරුවන්ගේ සුදු රෙදි පවා සෝදා ගැනීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, මේ වන විට වැව සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්ව ඇති බවද සම්පත් මහතා පැවසීය.



අදහස් (0)

වැලි ඡාවාරමක් නවත්වන්නැයි ජල ටැංකියකට නඟියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site