IMG-LOGO

වැලි කතරෙන් 35 ක් එතෙර වෙති

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්ව කුවේට් හි සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 35 දෙනෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වීමෙන් ඉකුත් 28 වැනිදා මෙරටට ගෙන්වා ගනු ලැබූහ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුරකෝරල මහත්මිය පසුගියදා කුවේට් රාජ්‍යයේ කළ සංචාරය අතරතුර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන්ට දුන් උපදෙස් මත මොවුන් දිවයිනට ගෙන්වාගෙන ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 230 දරණ යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණි බව කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. සේවා ගිවිසුම ඉක්මවීමට පෙර රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් ඔවුහු සුරක්‍ෂා නිවාසයට පැමිණියහ.

මේ වසරේ ගත වූ අට මාසයේ කුවේට් සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි 1183 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.



අදහස් (0)

වැලි කතරෙන් 35 ක් එතෙර වෙති

හෆීල් Monday, 29 August 2016 11:15 AM

මේ අය යන්නේ මෙහෙ ඒජෙන්සිවලට විශාල මුදල් ගෙවල. ඒ වගේ එහේ එජෙන්සිවලිනුත් මෙහෙ ඒජෙන්සිවලට විශාල මුදල් ගෙවනවා. නමුත් මේ පාඩුව සහ මේ අයගේ වන්දිය මෙහෙ ඒජෙන්සිවලින් අය කරගන්න ඕන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site